දුක්බරම මතකයක් මට ඉතුරු කරලා මාගේ ආදරණීය මිතුරිය, රංගන ශිල්පිණී සුභාෂිණි බාලසුබ්‍රමණියම් යන්නම ගිහින්. 💔
මට හිතාගන්නවත් බැරි දේ තමයි මේ පින්තූරයේ ඉන්න සුභාෂිණිවත්, දර්ශන්වත් අද මාත් එක්ක නැහැ.
දමිළ රංගන ශිල්පීණියන් විදිහට මමත් සුභාෂිණිත් ලාංකීය සිනමාවට පියවර තැබුවේ ‘ඉනි අවන්’ චිත්‍රපටයෙන්. මේ එදා චිත්‍රපටයේ මුහුරත් උළෙල දා ගත්තු ඡායාරූපයක්. අපි එකිනෙකා හිනාවෙලා ගතකරපු ලස්සන දවස්, අපි කතා කරපු මොහොතවල් මේ හැමදේම එකින් එක මතක් වෙන එක මට නවත්තගන්න බෑ. මේ හැමදේම දැන් මට මතකයක්ම විතරයි කියලා මට හිත හදාගන්න වෙලා.
තරු වෙන්න හීන මවපු, කලා ක්ෂේත්‍රයේ මගේ ආදරණීයම මිතුරන් දෙදෙනෙකුගේ අහිමිවීම අද මං අත්විඳිනවා. මේ වේදනාව වෙන කාටවත්ම නම් ලැබෙන්න එපා😔
May your soul rest in peace, my loving friends🙏🙏🙏










