Home තරු ගොසිප් මෙරට සංගීත ලොව බැබළවූ තවත් පහනක් නිවී යයි..ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න..

මෙරට සංගීත ලොව බැබළවූ තවත් පහනක් නිවී යයි..ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න..

0
3000
දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ ගායන විලාසයකින් සහ මිහිරි ගීත පෙළකින් ලාංකීය රසික හදවත් පිනවූ, “ධර්මරත්න සහෝදරයෝ” කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න මහතා අභාවප්‍රාප්ත විය.

2026 අප්‍රේල් මස 19 වන ඉරු දින සවස් භාගයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර තිබේ. “ධර්මරත්න සහෝදරයෝ” යන නාමය මෙරට සංගීත ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත්තේ ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය හේතුවෙනි.


අප්‍රේල් මස 20 වන සඳුදා පෙ.ව. 9.00 සිට පසුදින (21) ප.ව. 3.00 දක්වා රාගම, පේරලන්ද හංදියේ පිහිටි ඩී.එම්. අවමංගල්‍ය ශාලාවේ මෘතදේහය තැන්පත් කර තැබේ.


අප්‍රේල් මස 21 වන අඟහරුවාදා පස්වරු 4.00 ට හැඳල, කෙරවලපිටිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

 

Previous articleජයග්‍රහණයේ අවසන් හුස්ම කඹය මත තබා, සඳුන් සදහටම ඇස් පියාගත් ඒ අවාසනාවන්ත මොහොත ගැන ඇසෙන කතාව
Next articleකදුළට යුක්තිය ඉල්ලා පාස්කු ප්‍රහාරයේ 7 වෙනි සැමරුම අද රට පුරා..සදාදරණීයයන් සිහිපත් කිරීමට නිහැඬියාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights