Home සයුරෙන් එහා පුවත් මධුසමය මාරකයක් වී රෝහලක ම ර ණයත් සමග සටන් කළ 27 හැවිරිදි...

මධුසමය මාරකයක් වී රෝහලක ම ර ණයත් සමග සටන් කළ 27 හැවිරිදි මනාලියක් ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව..

0
2228

මංගල ගමන මාරකයක් වුණු “සාරාගේ” සංවේදී කතාව…

මංගල ගමන මාරකයක් වුණු සාරා දාන්ගේ සංවේදී කතාව මෙන්න. ජීවිතේ ලස්සනම කාලය ගත කරන්න ජපානයට ගිය මේ 27 හැවිරිදි තරුණ මනාලියට තමන්ගේ මධුසමය ගත කරන්න ලැබුණේ දවස් 2ක් විතරයි. අප්‍රේල් 9 වැනිදා හදිසියේම ඇතිවුණු අක්මාව අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් නිසා ඇය සති 2ක් තිස්සේ මරණයත් එක්ක සටන් කරමින් ජපානයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ හිටියා.

වාසනාවකට වගේ සාරා සේවය කරන ඇමරිකාවේ මෙතෝදිස්ත රෝහල සහ තවත් සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතු වෙලා ඇයව විශේෂ ගුවන් ගිලන් රථයකින් නැවත මව්බිමට ගෙන්වා ගන්න කටයුතු කරලා තියෙනවා. ඇය ඇමරිකාවට ළඟා වුණේ හරියටම විවාහ වෙලා මාසයක් සම්පූර්ණ වෙන දවසේමයි. සාරාගේ සැමියා වන ලූක් සහ ඇයගේ මව මේ වෙලාවේ කියන්නේ තමන්ට උදව් කරපු හැමෝටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ස්තූතිවන්ත වෙනවා කියලයි.

සාරාට වැළඳුණු මේ අසනීපය හරිම අමුතු එකක්. ඇයගේ විවාහ උත්සවය දවසේ කිසිම අසනීප ගතියක් තිබුණේ නැතත් ජපානයට ගිය ගමන්ම ඇයගේ ඇස් කහ පැහැ ගැන්වී, වමනය සහ අධික උණ වැනි රෝග ලක්ෂණ මතු වෙලා තියෙනවා. රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඇයගේ මොළයට සහ වකුගඩු වලටත් බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඇයව බේරාගන්න පිහිටුවපු අරමුදලට ලෝකය පුරා ඉන්න කරුණාවන්ත මිනිස්සු මේ වෙද්දී ඩොලර් 167,000 කට වඩා පරිත්‍යාග කරලා තියෙන්නෙත් ඒ නිසයි.

දැන් ඇය ඇමරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් හිටියත් ඇයගේ ජීවිතය තවමත් තියෙන්නේ අවදානම් අඩියකයි. මේ තරම් ඉක්මනට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මෙහෙම කඩා වැටුණේ ඇයි කියලා වෛද්‍යවරුන් තාමත් පරීක්ෂණ පවත්වනවා. ඇයගේ සැමියා පවසන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ නැවත සුවය ලබනතුරු තමන් නොසැලී ඇය ළඟ ඉන්නවා කියලයි. තමන්ගේ මංගල ගමන මෙහෙම දුක්මුසු එකක් වෙයි කියලා මේ දෙන්නා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

 

Previous articleසත්ව කරුණාව සහ අමූලික ශ්‍රද්ධාව අපි මග වරද්දාගෙනද?
Next articleතමන්ගේ 22 හැවිරිදි පෙම්වතිය Jade සහ ඇයගේ 44 හැවිරිදි අම්මා Daniදෙන්නාම ගර්භණී කළYouTuber වරයාගේ අමුතු ක්‍රියාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights