Home සයුරෙන් එහා පුවත් ඔහුට මේ තරම් ආදරණීය උපන්දින සුබපැතුමක්.. මියගිය සැමියා වෙනුවෙන් වසර තුනක් මග...

ඔහුට මේ තරම් ආදරණීය උපන්දින සුබපැතුමක්.. මියගිය සැමියා වෙනුවෙන් වසර තුනක් මග බලා සිටි ඇයගේ ඇස් එක වරම මවිත වෙයි..

0
289

ඇය කලක පටන් සුන්දර මනාලියක් වෙන්නට හීන දැක්ක යුවතියක්.

ඔවුන්ගේ ආදර කතාව මේ විදිහට නිම වේවි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති. මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.

ඇත්තටම ඒක ඔබවත් සංවේදී කරවන කතාවක් වේවි.

ලොවම හඬවමින් විවාහ පෝරුව වෙනුවට මිනීපෙට්ටියක් අසල මනාලියක් බවට පත් වූ කේට්ලින්ගේ කතාවේ ඒ සිදුවීම ගැන ඇසෙන්නේ නෙතට කඳුළක් උනන සිදුවීමක් වුණා.

ජීවිතය කියන්නේ පුදුමාකාර තැනක්. සමහර වෙලාවට අපි දකින හීන ඒ විදිහටම සැබෑ වෙද්දී, තවත් වෙලාවකට මුළු ලෝකයම අපේ දෙපා මුල කඩාගෙන වැටෙනවා. මේ එවැනි හදවතක් තියෙන ඕනෑම කෙනෙකුගේ දෙනෙතට කඳුළක් පුවතක්.

2020 අගෝස්තු මාසයේදී කේට්ලින් පැල්මියරි (Kaitlin Palmieri) සූදානම් වුණේ ඇගේ ජීවිතයේ සුන්දරම සිහිනය සැබෑ කරගන්නයි.

සුදු පැහැති මනාලියකගේ ඇඳුමෙන් සැරසී, මල් කළඹක් අතැතිව ඇය බලා සිටියේ තම පෙම්වතා වූ එරික්ගේ අත ගෙන යුග දිවියට පා තබන්නටයි. නමුත් දෛවය ඇයට ඉතිරි කර තිබුණේ මංගල පෝරුව වෙනුවට මිනීපෙට්ටියක් අසල හැඬීමටයි.

විවාහයට තවත් තිබුණේ පැය කිහිපයක් පමණි. එවිටයි ඇයට ඒ අඳුරු පණිවුඩය ලැබුණේ. 33 හැවිරිදි එරික් හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මෙලොව හැර ගොස් තිබුණි. එදින මනාලියක ලෙස හැඩ වූ කේට්ලින්, මුළු ලොවම අහිමි වූ වැන්දඹුවක් බවට පත්වුණා. එරික් තම “ආත්මීය සහකරු” ලෙස සැලකූ ඇය, වසර තුනක් පුරා ඔහුගේ මතකයන් සමඟ ජීවත් වුණා.

නමුත් 2023 නොවැම්බර් 20 වැනිදා, එනම් එරික්ගේ උපන්දිනය දවසේ කේට්ලින් කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. ඇය එරික්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කරද්දී, වෙනත් කාන්තාවක් එරික් වෙනුවෙන් තබා තිබූ ඉතා සමීප උපන්දින සුබපැතුමක් ඇගේ ඇස ගැටුණි.

කුතුහලය සහ වේදනාව සමඟ කේට්ලින් එම කාන්තාවට පණිවුඩයක් යවා විමසුවේ “ඔබ එරික්ව හඳුනන්නේ කෙසේද?” කියාය. ලැබුණු පිළිතුරෙන් කේට්ලින් දෙවැනි වරටත් මියගියාක් මෙන් විය.

“මම 2019 මාර්තු මාසයේ සිට එරික් සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූවා” – ඇය පිළිතුරු දී තිබුණි.

කේට්ලින්ට එරික් විවාහ යෝජනාවක් ගෙන එද්දීත්, වසර ගණනාවක් පුරා ඔහු මේ කාන්තාව සමඟ රහසිගත සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණි. වඩාත්ම කනගාටුදායක කරුණ නම්, කේට්ලින් සහ එරික්ගේ විවාහයට සතියකට පෙර පවා එරික් සහ අනෙක් කාන්තාව අතර ඉතාමත් සමීප පණිවුඩ හුවමාරු වී තිබුණා.

වසර තුනක් පුරා තමන් දෙවියෙකු මෙන් ඇදහූ, හදවතේ වීරයා ලෙස තබාගෙන සිටි පුද්ගලයා සැබවින්ම දක්ෂ රංගන ශිල්පියෙකු බව කේට්ලින් තේරුම් ගත්තා.

“මගේ පපුව කවුරුහරි කඩලා දානවා වගේ මට දැනුණා. මාව අවුරුදු තුනක් තිස්සේ රවට්ටපු මනුස්සයෙක් වෙනුවෙන් මම මෙච්චර කාලයක් දුක් වුණා නේද කියලා හිතද්දී මට ලැජ්ජාවක් දැනෙන්නේ” ඇය පසුව පවසා තිබුණේ අන්න එවැන්නක්..

සමාජමාධ්‍යයේ පළවූ ලිපියක් ඇසුරෙන්..

Previous articleරංගනයෙන් දිගු නිවාඩුවක් ගත් ඇය ඔන්න කලකට පසු නැවතත්, කරලියට.. වසර 11ක විවාහ ජීවිතයට සමුදුන් පූජා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
Next articleවෙසක් සතිය ප්‍රකාශයට පත් වෙයි… මෙවර රාජ්‍ය වෙසක් උත්සව පැවැත්වෙන ස්ථාන මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights