රටක ආරක්ෂාව උදෙසා රළ පහර හමුවේ වුවද තමන්ගේ ජීවිතය පරදුවට තබන්නට පසුබට නොවන්නේ අපේ හමුදා සෙබළුන්ය. පසුගියදා මොරටුව, අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වූ නාවික හමුදා යාත්‍රාවේ සිටි නිලධාරීන් 12 දෙනාගෙන් 11 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වුවද, තවමත් එක් නාවික හමුදා නිලධාරියෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත.
අනතුර සිදුවූ මොහොතේ සිට අද වන තෙක්ම එම අතුරුදහන් වූ නිලධාරියා සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. දරුණු මුහුදු රළ සහ අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද, තම සගයා කෙසේ හෝ සොයා ගැනීමේ අරමුණින් නාවික හමුදා සහන කණ්ඩායම් නොනවත්වාම සාගරය පීරා පරීක්ෂණ පවත්වයි.
රට වෙනුවෙන් කැපවුණු මෙවැනි වටිනා පුතෙකුගේ අතුරුදහන් වීම මුළු රටේම හදවත් තුළ ඇති කරන්නේ මහත් සංවේගයකි. සාගරයේ දරුණු බලවේගයන්ට එරෙහිව සටන් කරමින් ඔහු තවමත් කොතැනක හෝ නිරුපද්‍රිතව සිටිනු ඇතැයි යන්න සමස්ත ලාංකිකයන්ගේම එකම පැතුමයි.
තමන්ගේ අනාගතය හෝ ජීවිතය ගැන නොසිතා රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් මුහුදට බට ඒ නිර්භීත නිලධාරියා, ඉතා ඉක්මනින් කිසිදු හානියකින් තොරව නැවත තම ආදරණීයයන් අතරට පැමිණේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.










