Home තරු ගොසිප් “මම එයාට කියන්නේ අම්මා කියලා…!” – වයස අවුරුදු 84ක වියපත් වික්ටර්ට සෙවනැල්ලක්...

“මම එයාට කියන්නේ අම්මා කියලා…!” – වයස අවුරුදු 84ක වියපත් වික්ටර්ට සෙවනැල්ලක් වූ හෂිනි..

0
105

කලාව වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් මේ වන විට 84 වන වියේ පසුවෙනවා. එතුමාගේ මියුරු සංගීතය දශක ගණනාවක් පුරා අපේ හදවත් සනසද්දී, අද වන විට මේ වියපත් කලාකරුවාගේ ජීවිතයේ හැම මොහොතකම සෙවනැල්ලක් වගේ ළඟින්ම ඉන්නේ හෂිනි කියන ආදරණීය තැනැත්තියයි.

එක්තරා අවස්ථාවකදී වික්‍ටර් මහතා ඉතා සංවේදී ලෙස හෙළි කළේ “හෂිනිට මම කියන්නේ අම්මා කියලා” කියලයි. ඒ වගේමයි, හෂිනිටත් වික්‍ටර් කියන්නේ දෙවියෙක් වගේ ආරක්ෂාකාරී චරිතයක්. සමාජය විවිධ කටකතා සහ දේ කිව්වත්, ඒ කිසිම දෙයකට නොසැලී එතුමාගේ ගතට වාරුවක් වෙමින්, හිතට සැනසීමක් ලබා දෙමින් ඇය අද ඉන්නේ ලොකු කැපකිරීමකින්.

ජීවිතයේ සැඳෑ සමයේදී මෙවැනි අවංක රැකවරණයක් සහ සෙනෙහසක් ලබන්නට එතුමා වාසනාවන්ත වීමම මොනතරම් අස්වැසිල්ලක්ද!

ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ අත්වේවා වික්ටර් මහත්මයා! 🙏❤️

Previous article“තාත්තගේ අතින්ම ලැබුණු ශාස්ත්‍රපති උපාධිය”කොළඹ සරසවියෙන් ඇසුණු අපූරු පිය-දූ සෙනෙහසේ කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights