Home Uncategorized ඔයත් කවදාවත් වැසිකිළියේ පියන ඇරලා ෆල්ෂ් කරන්න එපා..රජෙක් වුණත් සිගමනේට වැටෙන්න පුලුවන්...

ඔයත් කවදාවත් වැසිකිළියේ පියන ඇරලා ෆල්ෂ් කරන්න එපා..රජෙක් වුණත් සිගමනේට වැටෙන්න පුලුවන් මේ පුංචි පුරුද්ද නිසා…

0
631

කවදාවත් වැසිකිළියේ පියන ඇරලා ෆ්ල්ෂ් කරන්න එපා

වැසිකිළියේ පියන (Toilet Lid) වහන්නේ නැතුව ෆ්ලෂ් කරන එක හරියට, බාත්රූම් එක ඇතුලේ “විෂබීජ බෝම්බයක්” පිපෙරෙව්වා වගේ වැඩක්.

අංක 01 – ඇසට නොපෙනෙන වැසිකිළි වායු ධාරාව – Toilet Plume

වැසිකිලියේ කටයුත්ත ඉවර වෙලා , ඔයා ෆ්ලෂ් බටන් එක ඔබපු ගමන්, වතුර පීඩනයත් එක්ක වැසිකිළි පෝච්චිය ඇතුළේ තියෙන අපද්‍රව්‍ය සහ වතුර එකතු වෙලා, ඉතාම කුඩා ජල බිංදු (Aerosols) ලක්ෂ ගණනක් හැදෙනවා. මේකට විද්‍යාවේදී කියන්නේ Toilet Plume කියලා. මේ පුංචි බිංදු වල බැක්ටීරියා සහ වෛරස් (උදාහරණ: E. coli, Norovirus) පිරිලා තියෙන්නේ.

පර්යේෂණ වලට අනුව, මේ විෂබීජ පිරුණු වායු ධාරාව අඩි 5ක් – 6ක් වගේ උඩට විදිය හැකියි. ඒ කියන්නේ, ඔයාගේ මුහුණ පිහදාන තුවාය , සබන් කැල්ල හා වැසිකිළියේ දොරේ මිට උඩ මේවා තැන්පත් වෙන්න පුළුවන්.

අංක 02 – දත්බුරුසුව ඔබව ලෙඩ කරන හැටි

වැසිකිළිය සහ සින්ක් එක (Washbasin) තියෙන්නේ ගොඩක් වෙලාවට එකම සීමිත ඉඩකඩක. ඔයා පියන ඇරලා ෆ්ලෂ් කරපු ගමන් අර විදියට ඉහළට විදින විෂබීජ ජල බිංදු කෙලින්ම ගිහින් නතර වෙන්නේ ඔයාගේ දත් බුරුසුවේ කෙඳි (Bristles) අතරයි.

දත් බුරුසුවක් හැමවෙලේම වගේ තෙතයි. බැක්ටීරියා වලට පෝෂණය වෙන්න සහ වේගයෙන් වර්ගයා බෝ කරන්න තෙතමනය කියන්නේ ස්වර්ගයක් වගේ. ඔයා ඒ බුරුසුවෙන් දත් මදින කොට, අර වැසිකිළියෙන් ආපු බැක්ටීරියා කෙලින්ම ඔයාගේ මුඛ කුහරයට ඇතුළු වෙනවා.

අංක 03 – ඔබෙන් පසුව වැසිකිලියට එන කෙනාත් අනතුරේ

ඒ වගේම මේ පුංචි පුංචි ජාල බිදිති හරිම සැහැල්ලු නිසා, ෆ්ලෂ් කරලා විනාඩි කිහිපයක් යනකම්ම වාතයේ පාවෙවී තියෙන්න පුළුවන්. ඉතින් පියන ඇරලා ෆ්ලෂ් කරලා එළියට යන කෙනාගෙන් පස්සේ වැසිකිලියට එන කෙනාටත් මේවා ආශ්වාස වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

ඒ නිසා වැසිකිලිය භාවිතා කලාට පස්සේ , මුලින්ම පියන වහන්න. ඊටපස්සේ ෆ්ලෂ් කරන්න. අන්තිමට හොඳින් අත් සෝදන්න.

මේකෙන් ඔයාට වැළඳෙන්න පුළුවන් බඩේ අමාරු, වමනය වගේ රෝගාබාධ ගොඩක් අඩු කරගන්න පුළුවන්. පියන වහන එකෙන් අර විෂබීජ වාතයට එකතු වෙන එක ගොඩක් දුරට පාලනය වෙනවා.

බෝනස් ටිප් – ඔයාගේ දත් බුරුසුව ආරක්ෂිතව තියාගන්නේ කොහොමද?

බොහෝ දෙනෙක් හිතන්නේ බුරුසුවට “කැප්” (Cap) එකක් දැම්මම හරි කියලා. හැබැයි ඒකෙත් පොඩි අවුලක් තියෙනවා. අපි විද්‍යාත්මකව බලමු නිවැරදි ක්‍රමය:

වැසිකිළියෙන් පිටත හෝ වහපු කැබිනට් එකක් ඇතුළේ බුරුසුව තියන එක තමයි හොඳම දේ. සිරස් අතට තියන්න (Upright position): බුරුසුව තියනකොට හාන්සි කරන්නේ නැතුව කෙළින් අතට තියන්න. එතකොට වතුර ඉක්මනින් බේරිලා ගිහින් බුරුසුව වේලෙනවා.

ගෙදර අයගේ බුරුසු ඔක්කොම එකම කප් එකක තියනවා නම්, ඒවා එකිනෙක ගෑවෙන්න දෙන්න එපා. මොකද එක්කෙනෙක්ගේ මුඛයේ තියෙන විෂබීජ තව කෙනෙක්ට යන්න පුළුවන්. කැප් (Cap) එක පාවිච්චි කරනවා නම්, බුරුසුව හොඳට වේලෙන්න කලින් වහන්න එපා. තෙත පිටින්ම වැහුවොත්, ඒ ඇතුළේ පුස් (Mold) සහ බැක්ටීරියා තවත් වැඩි වෙනවා.

වැදගත්ම දේ තමයි, මාස 3කට වරක් හෝ ලෙඩක් (උණ, හෙම්බිරිස්සාව) හැදිලා සුව වුණාට පස්සේ , දත් බුරුසුව අලුත් එකකට මාරු කරගන්න එක.

Previous articleඅද කාවන්තිස්ස නෑ… හෙට තවත් කෙනෙක් නැතිවෙයි!” අපෙන් සදහටම සමුගත් ශ්‍රී ලංකාවේ දළ රජවරු සහ ඔවුන්ගේ නොකියූ කතාව !
Next articleචොක්ලට් කියලා මෙච්චර කල් ඔයා කලා තියෙන්නේ පාම් ඔයිල් කියලා දන්නවද? චොක්ලට් කන්න කලින් මේ කියන දේවල් ගැන අනිවාර්‍යෙන් අවදානය යොමු කරන්න.
error: Content is protected !!
Verified by MonsterInsights