ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයේ ඉන්න ආදරණීයම වගේම දක්ෂතම රංගන යුවළක් තමයි මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ.
පුංචි තිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත මේ දෙන්නාගේ පවුල් ජීවිතය ගැන හැමෝම හරිම ආදරෙන් කතා කරනවා.
දැන් පුංචි දරු පැටවුන් තිදෙනෙකුගේ ආදරණීය දෙමාපියන් වන මේනක සහ නෙහාරා, ඔවුන්ගේ පවුලේ අලුත්ම සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක් කරලා තිබුණා. ඒ ඡායාරූප පෙළත් එක්ක නෙහාරා තබලා තිබුණු සංවේදී වගේම බොහොම අපූරු සටහන මේ වෙද්දී හැමෝගෙම අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා.
තමන්ගේ තුන්වැනි දරු ප්‍රසූතියෙන් සති හතරක් ගත වෙද්දී දැනෙන සුන්දර හැඟීම ගැන නෙහාරා සටහන් කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි,
“දරු ප්‍රසූතියෙන් සති හතරයි, මගේ හිත කවදාවත් නැති තරම් පිරිලා! ජීවිතයේ මේ සුන්දර අලුත් පරිච්ඡේදය ආදරයෙන් වැළඳගෙන, දවසින් දවස ශක්තිය හොයාගන්න ගමන් මගේ පුංචි ආශිර්වාද තුනත් එක්ක ගෙවන හැම වටිනා මොහොතක්ම මම විඳිනවා. මගේ ශරීරය සුව වෙමින් පවතිනවා, හදවත සතුටින් උතුරා යනවා. හිනා වෙන්න පුංචි හේතු තුනක්, ඒ වෙනුවෙන් දෙන්න ජීවිත කාලයක් පුරාම ආදරයක්! මව්පදවියට, අලුත් ආරම්භයන්ට සහ ධනාත්මක ශක්තියට සුබ පැතුම්! ”
ඒ විතරක් නෙවෙයි, සමාජ මාධ්‍යවල ඡායාරූපයක් දැම්මම නොයෙකුත් විවේචන කරන අයටත් මේනක හරිම ලස්සන, උපහාසාත්මක පිළිතුරක් දෙන්න අමතක කරලා තිබුණේ නැහැ.
“සමහරු ආදරය බෙදනවා, සමහරු වෛරය බෙදනවා, තවත් සමහරු කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ දෙකම කරනවා. කොහොම වුණත්, වෙලාව වෙන් කරගෙන මෙතනට ඇවිත් ගියාට ස්තූතියි. හැමෝටම ආශිර්වාද ලැබේවා! ”
මේනක සහ නෙහාරාගේ මේ ආදරණීය කැදැල්ලට රසික රසිකාවියන්ගෙන් වගේම කලා ක්ෂේත්රයේ හිතවතුන්ගෙනුත් සුබ පැතුම් ගලාගෙන එනවා. දරු තිදෙනා එක්ක ගෙවන මේ අලුත් ජීවිතය හැමදාමත් සතුටින් පිරිලා ඉතිරිලා යන්න කියලා අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පතනවා!











