Home සයුරෙන් එහා පුවත් සිනමා පටයක් රූගත කිරීමක් අතරතුර ප්‍රසිද්ධ කලාකරුවෙක් දිවි හැර යයි.

සිනමා පටයක් රූගත කිරීමක් අතරතුර ප්‍රසිද්ධ කලාකරුවෙක් දිවි හැර යයි.

0
35
The white flag is an internationally recognized symbol of surrender, truce, or a desire to parley.

මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙන්නේ තමිල්නාඩුවෙන්.

ආර්යා සහ පා. රංජිත් ප්‍රසිද්ධ ද්‍රවිඩ සිනමා අධ්‍යක්ෂවරයාගේ නවතම සිනමා පටයක් මේ දිනවල තමිල්නාඩුවේ රූගත කිරීම් සිදුවෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වේට්ටුවම් (Vettuvam) චිත්‍රපටයේ රූගත කිරීමක දී චිත්‍රපටයට අවශ්‍ය අධි අවදානම් තත්ත්වයක් පෙන්නුම් කෙරෙන මෝටර් රථයක් පෙරලීමේ අනුපිළිවෙළක රූගත කිරීම් අතරතුර මෙම අනතුර සිදු වී ඇති බවයි.

අනතුරින් ද්‍රවිඩ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණ සටන් ජවනිකා පුහුණුකරුවෙකු වන එස්. එම්. රාජු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එම ස්ථානයට රූගත කිරීම්වලට සහභාගි වී සිටි පිරිස කඩිනමින් පැමිණිය ද රියදුරු අසුනේ සිටි එස්.එම්. රාජු ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .

Previous articleකවුරුත් ආදරේ කරන ගායන තරුව දුමාල් වර්ණකුලසූරියගේ ජීවිතයේ අමරණීය මතකයක් ගැන ඇසෙන ඒ පුවත මෙන්න
Next articleසංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන් සමග නිර්මාණ රැසකට දායක වූ ඔහුත් සිය දිවි ගමනින් නික්ම ගිහින්… සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගේ නික්ම යාම ගැන ඇසෙන සංවේදී පුවත
error: Content is protected !!
Verified by MonsterInsights