කෙළඹ කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වූ නයනා වන්නිආරච්චි මහත්මිය හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද 12 වැනිදා උදෑසන 8 සිටමංගල්‍ය තලාහේන චන්ද්‍රාපනාගොඩ Royal VIP ශාලාවේදී දේහය තැන්පත්කර තිබේ .
ආදරණීය විදුහල්පතිතුමයගේ වියෝව සිතා ගත නොහැකි බව ඇගේ ආදරණීයන් පවසන්නේ,
ඇය වෙනුවෙන් තැබූ සංවේදී සටහන් කිහිපයක් පහතින්,
අනෙ මගෙ රත්තරනේ මම එදා දැනගෙන හිටියෙ නෑ ඔයා ඒ මා එක්ක කතා කරන අන්තිම වතාව කියලා😖💔
අපේ පාසල් මාතාවගේ අභිමානය වන් වූ, දහස් ගණනක් දරු දැරියන්ගේ අඳුරු ලෝකය ආලෝකවත් කළ මහා පහන් ටැඹක් බඳු වූ අපේ ආදරණීය විදුහල්පතිනිය මෙලොව හැර ගිය පුවත අප සැමගේ හදවත් දැඩි ලෙස කම්පනයට පත් කර ඇත.
මැඩම්, ඔබ අපට හුදෙක් විදුහල්පතිනියක් පමණක් නොවූ අතර ඔබ අපේ වැරදි පෙන්වා දෙමින් නිවැරදි මාවතට යොමු කළ ආදරණීය මවක හා සමාන විය. ඔබගේ දැඩි විනයට යටින් තිබූ ඒ මව්පිය සෙනෙහසත්, පාසලේ දියුණුව වෙනුවෙන් ඔබ දිවා රෑ නොබලා කළ ඒ අපරිමිත කැපවීමත් අපේ පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නොඅනුමානය.
සෙනෙහසින් මවක් ලෙසත් විනයෙන් පියෙක් ලෙසත් අපේ වැරදි නිවැරදි කරමින් අපව අනාගතයට හැඩගැස්වූ ඒ උදාර ගුරු මෑණියනි, ඔබ අපට කියා දුන්නේ පොතපතේ දැනුම පමණක් නොව ජීවිතය ජයගන්නා ආකාරයත් අභියෝග හමුවේ නොසැලී සිටින ආකාරයත් අපට කියා දුන් ඒ මහා ගුරු මෑණියන් නික්ම ගියද ඔබ අපේ හදවත් තුළ දැල්වූ ඒ ප්‍රඥාවේ ප්‍රදීපය සදාකාලිකවම දැල්වෙනු ඇත. ඔබගේ නික්ම යාම අපේ පාසල් මාතාවට මෙන්ම අප සැමටත් පිරවිය නොහැකි අඩුවකි. ඔබ අපේ ජීවිතවලට එක් කළ ඒ සාරධර්ම සහ ආදර්ශයන් අපේ ඉදිරි ගමනට මහඟු ගක්තියක් වනු ඇත.
දරුවන්ගේ අනාගතය හැඩගැස්වූ ඒ පින්බර දෑත් අද නිසල වී ඇත. දහස් ගණනක් වූ දූ පුතුන්ගේ නෙත් කඳුලින් තෙත් කරමින් ඔබ නික්ම ගියද, ඔබ පෑ ඒ මඟ සදාකල් අපට ආලෝකයක් වනු ඇත.
අපේ එකම සහ අන්තිම ලොකුමැඩම් ඔබයි. ජනාධිපති බාලිකාව මෙලෙස වැජවී සිටින්නේ ඔබ නිසයි. පාසලේ සිටි මහා රූස්ස ගස ඔබයි.
දෙමාපියන් සේ දරුවන් රැකබලා ගත්
ගුරු මෑණියනි, හදවත ඉකිබිඳී අදත්
මතු සසරකත් හමුවන්නට පින් පුරත්
සදා නිවන් සුව ඔබ හට පතන්නෙත්…
**************************************
නාවල ජනාධිපති බාලිකාව ලෝකයට ගෙනගියේ ඇයයි. ශ්‍රී ලංකාව තුල ජනාධිපති බාලිකා නම රැන්දවුයේ ඇයයි. දහස් සංඛ්‍යාත සිසුවියන්ට ජීවිතය ජයගන්න පාර පෙන්වුයේ ද ඇයයි. ජිවිතේ කඩාවැටීම් තුළ දියණියන් රැසකට මවක් වුයේ ඇයයි …ඇය නායනා වන්නිආරච්චි යි.
ඔබට නිර්වාණ සුවය ලැබේවා…
**************************************
පාසලේ දී හමු වූ හරිම ආදරණීය ම ගුරුතුමියකි නයනා මැඩමි.🥹❤️ හැමදාම අපිට හරි ආදරෙන් කතා කලේ. ඕන ම දෙයක් බය නැතුව කියන්න පුලුවන් දරුවන් ගැන හොද අවබෝධයක් තිබුණ ඇයට. අපි නම් කවදාවත් දැකලා නෑ මහ හයියෙන් කෑ ගහගෙන ළමයින්ට කැත විදියට බනිනවා. අවවාද දෙනවා හරි ලස්සනට. දරුවන්ගේ සැගවුණු දක්ෂතා හොදින් හදුන ගත්තා. 🥺 අපි ඇය ගැන හිතන් හිටියටත් වඩා ඇය කොතරමි කාරුණික ද ළමුන් කොපමණකගේ හිත දිනාගත් ගුරු මවක්ද යන්න අද මුහුනණුපොතෙන් මේ ටිකට අප දැක්කා.
අද ඔබගේ නික්ම යාම ඇසූ මොහොතේ සිට ඇති වූ ඒ දුක අපි ඔබට කොතරම් ආදරෙ කර ඇත්දැයි අපිට වැටහෙන්නෙමු.😭
*************************************
නාවල ජනාධිපති බාලිකාව ලෝකයට ගෙනගියේ ඇයයි. ශ්‍රී ලංකාව තුල ජනාධිපති බාලිකා නම රැන්දවුයේ ඇයයි. දහස් සංඛ්‍යාත සිසුවියන්ට ජීවිතය ජයගන්න පාර පෙන්වුයේ ද ඇයයි. සුලුතර නොමිනිසුන් මැද නොසැලී සිටියේ ද ඇයයි. සුන්දර සිනහවකින් ජීවිතයේ කම්පනයන් දරාගත්තේ ඇයයි …ඇය නායනා මැඩම්..දරුවන් ආදරයට කිව්වේ ලොකු මැඩම්..ඇය අද සදහටම යන්නට ගිහිං. මැඩම් ඔබට නිර්වාන සුවය ලැබේවා…
***************************************
නිවන් සුව ලැබේව මැඩම්.. මගේ පාසල් ජීවිතේ මට හම්බ වුන එකම හොදම ගුරුතුමිය ඔයයි මැඩම්.. කොච්චර ආදරෙන් කතා කරනවද දරුවන්ට ඒ පිනම ඇති මැඩම් නිවන් සුව ලැබෙන්න.. මතු ඉපදෙන කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවෙවා…
****************************************
නිවන් සුව අත්වේවා!!!!! ලොකු මැඩම්, උදේ පාන්දර මුලු ජීවිතේම කලකිරවන දැන්වීමක් දැක්කෙ කොච්චර ජීවිත වලට , ජීවත් වෙලා ඉන්න, උපදෙස් දුන්නද, උදවු කරාද………………… අනේ මැඩම්……. මට හිතා ගන්න බෑ ,,,,,,,,,,, අද මම යම් කිසි තැනක ඉන්නව නම්,,,,,, මගේ දරුවො තුන් දෙනා යම් කිසි තැනක ඉන්නව නම් ඒ සියල්ලට ගෞරවය හිමි වෙන්න ඕන ලොකු මැඩම්ට………….. උපදින හැම ආත්මයකදීම මෙවන් අකල් මරනයක් සිදු නොවේවා……… ආදරණීය මෑණියනි , ඔබට නිවන් සුව අත් වේවා………………… මගේ ඇස් දෙක පිය වෙනකන් ආදරෙයි මැඩම් ,,,,, ඇත්තමයි …………
#gossip #gossipbro #nawala #HartAttack #Principal #nawalapresidentcollege










