මේ ගසත් ඔබේ ගෙවත්තේ සුලබව දැකගන්න ලැබෙනවා ඇති..
කිසිම පොහොර වර්ගයක් නොදා වුණත් සරුවට වැඩෙන මේ කතුරුමුරුංගා මේ තරම් ගුණදායකයි කියලා ඔබ නිකමට වත් හිතන්න නැතුව ඇති..
පෝෂණීය සහ ඖෂධීය ගුණ රැසකින් සපිරි කතුරුමුරුංගා සංස්කෘතයෙන් අගස්ති , දීර්ඝ ඵලක , දීර්ඝෂිමිබි , කනාලි , මුනිප්රිය , බක පුෂ්ප , බක් පුල් , මුනිපුෂ්ප , පවිත්ර , වාසනා , රක්තපුෂ්ප , ශුක්ල පුෂ්ප , ස්ථුලපුෂ්ප , සුරප්රිය , වක්‍රපුෂ්ප ලෙසත් හඳුන්වනවා..
මනාව අතු බෙදෙමින් 10 – 15ක් පමණ උසට වැඩෙන රනිල කුලයට අයත් මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් වන මෙහි කඳ මහත් නොවි සිහින්ව වැඩෙනවා.. පත්‍ර ඒකාන්තරව සම පක්ෂ සංයුක්ත වන අතර, පුෂ්ප අක්රමවත් අතර ද්විලිංගිකයි…
මල් සාමාන්‍යයෙන් සුදු පැහැවන අතර කහ රතු හා රෝස පැහැති වර්ගද දක්නට ලැබෙනවා සේම එල්ලෙන සුලුව කක්ෂිය ඒකාක්ෂවල මල් 2 – 4ක් පමණ හට ගන්නා අතර පුෂ්පයේ මණි පත්‍ර 5ක් වෙනවා..
ඒවා සංයුක්තවී දිග නාලයක් බවට පත්වී ඇති අතර, දළ 5කින් හා රේණු 10කින් යුක්තයි.. කරල 50cm ක් පමණ දිගැතියි.. එහි බීජ රාශියක් වෙනවා.. පැළ ව්‍යාප්තිය බීජ මගින් ප්‍රධාන වශයෙන් සිදුවෙන අතර අතු මගින් පැල කරගැනීමටද හැකිවෙනවා..
එසේම මෙම ශාකය fabaceae කුලයට අයත් ශාකයක්.. ආයුර්වේදයට අනුව කතුරුමුරුංගා රසයෙන් තිත්ත වන අතර, ප්රතිශ්යාව , කැස්ස , ඇදුම පීනස වැනි ශ්වසන රෝග පාලනය කිරීමට සමත් වෙනවා…
බඩවැල ආශ්රිත රෝග , මුත්රා රෝග , කාන්තාරෝග , පණු රෝග , දැවිල්ල දුරුකිරීමටද රුධිරය පිටවීමත් සමග ඇති පාචන , අර්ශස් , ආදි තත්වයන් ද පාලනයට සුදුසු බව කියවෙනවා.. ඒ විතරක් නෙවෙයි, රෝග රැසකට ඖෂධ සැකසීමට යොදාගන්නා මින්,
– උණට කතුරුමුරුංගා ස්වරසය මීපැණි සමග පානය ඔසුවක්.
– බඩවැල ආශ්රිත තුවාල හා අර්ශස්වලට කතුරුමුරුංගා කොළ යුෂ 10 mlබැගින් දිනපතා උදේ පානය කිරීම.
– සමේ තුවාල ලප කැලැල්වලට කොළ යුෂ දිනපතා ආලේපන කරන්න.
– කටේ සෙම් ගෙඩි තුවාල ආසාදන ඇතිවි කොළ යුෂ වලින් කට සේදීම සහනය ගෙනෙයි.
– රාත්‍රියට ඇස් නොපෙනීමට මල් ආහාරයට ගැනිමත් කොළ යුෂ පෙරා බිංදු කිහිපයක් ඇසට දැමීමත් ගුණදායක වෙනවා.
– කෙන්ඩ පෙරළීමට කොළ යුෂ ගෑම ඔසුවක්.
– තොල් පැලීමට කොළ , මල් , රතුලූනු සමග උයා උදේ සවස ගිතෙල් දමා ආහාරයට ගැනීම.
– ශ්වසන පද්ධතිය ආශ්රිත කැස්ස පීනස ආදි රෝගවලට මල් , කොළ , හා පොතු කෂාය කර පානය කිරීමට.
– සරම්ප පැපොල බිබිලි ආසාදනවලට කතුරුමුරුංගා පොතු කෂාය කර බීම සුදුසුයි.
– සුව නොවන තුවාල හා විෂ සමනයට.
කොළ ඉස්ම , මදුරුතලා කොළ ඉස්ම හා ගම්මිරිස් පත හතර එකට හිඳ , පත බාගය බැගින් උදේ හවස බීම.
– ප්රතිශ්යා කැස්සට කතුරුමුරුංගා පොතු අඹරා යුෂ මීපැණි සමග ගුණදායක වෙනවා.
– ආර්තව ගැටළු ඇති විට මල් ළපටි අව්වේ වියළා කුඩුකර එළකිරි සමග පානය කිරීමයි.
– යටිපතුල් පැලී දියර ගලන විට මල් වේළා කුඩුකර මී කිරි සමග මුදවා උදේ හවස ආලේප කිරීම.
– පීනස , ප්රතිශ්යාව හා අර්ශස් සඳහා කතුරුමුරුංගා කොළ යුෂ 15ml කට මීපැණි මිශ්ර කර උදේ හවස බොන්න.
– ප්රතිශ්යා කැස්සට හා උණට කතුරුමුරුංගා වදකහ කශාය කරදීම ගුණදායකයි.
– උගුර බැරැන්ඩිවීමට කොළ හා මල් 20g ක් හා ආඩතෝඩා කොළ 20g පත අට එකට සිඳුවා උදේ හවස පත බාගය බැගින් පානය කිරීම.
– හන්දි ඉදිමීමට කතුරුමුරුංගා මුල් කළු අත්තන මුල් උණු වතුරින් අඹරා දිනකට වරක් ගෑම මගින් සුවවෙයි.
ඒ වගේමයි, කැල්සියම් සපිරි කතුරුමුරුංගා කොළ වෑංජනයක් ලෙසත්, මැල්ලුමක් ලෙසත් භාවිත කළ හැකි අතර මල් ද රසවත් වෑංජනයක් ලෙස හෝ මේරු කතුරු මුරුංගා කරල්, උණුදියෙන් තම්බා, ව්‍යාංජනයක් ආකාරයට පිසගැනීමට හැකියාව පවතිනවා..