Home සුව අරණ නහර ගැට ගැසීම කියන්නේ මේ තරම් රෝග ගොඩකට මූලික ලක්ෂණයක් කියලා මීට...

නහර ගැට ගැසීම කියන්නේ මේ තරම් රෝග ගොඩකට මූලික ලක්ෂණයක් කියලා මීට කලින් ඔයාලත් දැන සිටියාද

0
358

ගැටලු නිසා ප්‍රතිකාරවලට යොමුවන අවස්ථා ද දක්නට ලැබේ.

හෘදය දෙසට රුධිරය ගෙනයන ශිරා ආශ්‍රිතව මේ තත්ත්වය හටගනී. ශිරා මඟින් ශරීරයේ අපිරිසිදු රුධිරය.

හෘදය වෙත ගෙනගොස් එහිදී පිරිසිදු වන රුධිරය ශරීරය පුරා බෙදාහරියි. මෙසේ එක් දිශාවකට රුධිරය ගමන් කරවීම සඳහා ශිරා ඇතුළත කපාට (Valves) පිහිටා තිබෙයි. මෙම ශිරා බිත්තිවල දුර්වලතා හේතුවෙන් එහි කපාට නිසිපරිදි ක්‍රියා නොකිරීමෙන් රුධිරය නිසි පරිදි එක් දිශාවකට ගලා නොයාමෙන් ගමන් මාර්ගයේ එක්රැස් වීමත් සිදුවෙයි.

මේ හේතුවෙන් අපිරිසිදු රුධිරය (de-oxygenated) රුධිර නාල ආශ්‍රිත එක් රැස්වීම, ගැටගැසුණු, නිල්පැහැ වූ ඉදිමුම් ලෙස දක්නට ලැබේ.

ශරීරයේ ශිරා ආශ්‍රිත රුධිර ගමනය මේ ආකාරයෙන් සිදුවුවත් නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය ඇතිවන්නේ බහුලවම පාද ආශ්‍රිතවය. මීට හේතුව ගුරුත්වයට විරුද්ධව රුධිර ගමන් කරවීමත් පාද ආශ්‍රිතව සිදුවන නිසා රුධිරය එක්රැස් වීමට එය බලපෑමක් වන බැවිනි.

මෙසේ රුධිර නාලිකා බිත්ති ආශ්‍රිත පේෂී දුර්වලතාවලට නිශ්චිත හේතු සොයාගෙන නැතත් නහර ගැට ගැසීමේ රෝගය සඳහා බලපාන අවදානම් සාධක කිහිපයක් පවතී.

හෝමෝනමය හේතු නිසා විශේෂයෙන් කාන්තාවන්ට මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතී. උදාහරණ ලෙස ගර්භනී අවස්ථාවලදී අර්තවහරණ, හෝමෝන ප්‍රතිකාර (HRT), උපත්පාලන ඖෂධ භාවිතය ආදිය දැක්විය හැක.

වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්.

දීර්ඝකාලීනව එකදිගට සිටගෙන සිටීම හෝ හිඳගෙන සිටීම. විශේෂයෙන් ගෘහිණියන් ඇඟළුම් සේවිකාවන්.

ජානමය හේතූන්

අතිස්ථූලතාවය

මීට අමතරව උදර කුහරය තුළ පීඩනය වැඩිවන අවස්ථාවල නහර ගැටගැසීම ඇතිවේ. උදාහරණ ලෙස ගර්භනීභාවය, දීර්ඝකාලීනව මළබද්ධය, අර්බුද (Tumours)

මෙහි රෝග ලක්ෂණ:-

ගැටගැසුණු, නිල්පැහැති, ඉදිමුම් ස්භාවයෙන් යුත් ශිරා බාහිරින් දර්ශනය වීම.

පාදවල වේදනාව මෙන්ම ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී ඇතිවන පාදවල බරබව, අපහසුතාවය.

දාහය, අනින්නාක් බදු වේදනාව (Tgrobbing pain) සහ මස්පිඬු පෙරළීම.

මෙවැනි ස්ථානයන් කඩතොලු වීමකින් පාලනය කළනොහැකි ලෙස රුධිරය වහනය වීම.

සම දුර්වර්ණ වීම. විශේෂයෙන් වළලුකර ආශ්‍රිතව සම කසන, ඉදිමීම හා දුර්වර්ණ වීම කැපී පෙනෙයි.

අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සමවියළීම, රතුවීම, සමහරවිට තුවාල හටගැනීමද වියහැක.

මෙම ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් ලෙස දක්නට ලැබෙයි. නිවැරදිව ප්‍රතිකාරවලට යොමු නොවීමෙන් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැක.

තුවාල හට ගැනීම:-

විශේෂයෙන් වළලුකර ආශ්‍රිත ප්‍රදේශයේ කල්ගතවීමේදී තුවාල හටගනී. (Vericose ulcer) දීර්ඝකාලීනව ඉදිමුම හා එම ස්ථානයේ ඇතිවන අමතර පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් හටගනී. මෙවැනි තුවාල සුවවීමට කල්ගතවන අතර දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පවතින විට එය බරපතළ වෙයි.

එබැවින් වළලුකර ආශ්‍රිතව දුර්වර්ණ වීමත්, දිගින් දිගටම ඉදිමුම පවතින විට නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් මෙවැනි තත්ත්ව හටගැනීමෙන් ආරක්ෂා වියහැකිය.

පාදවල ශිරා ආශ්‍රිතව හටගන්නා ගැටිති කාලයත් සමඟ විශාල වීමත්, රුධිර කැටි, රුධිර නාලවල සිරවීමෙන් රැධිර ගමනාගමනය අවහිර වීමත් සිදුවිය හැකිය.

මෙවැනි අවදානම් තත්ත්වවලින් ආරක්ෂා වීම සඳහා නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

රෝග තත්ත්වය පාලනය හා ඇතිවීම වැළැක්වීම සඳහා ජීවන රටාවේ වෙනස්කම් සිදුකළ යුතුයි. විශේෂයෙන් පවුලේ සාමාජිකයකු මෙවැනි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතුය.

දීර්ඝ වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකිය යුතුය.

ශරීරයේ බර උසට සරිලන පරිදි පාලනයකින් පවත්වා ගත යුතුය.

ව්‍යායාම්වල නිරතවීම තුළින් හොඳ රුධිරගමනාගමනයක් පවත්වා ගතහැකිය.

පාද වෙළුම් හෝ බැන්ඩේජ් හෝ මේස් (Stockings) භාවිතා කිරීම.

රෝගියාගේ අක්‍රමවත් ජීවන රටාව අනුව නැවත නැවත මෙම තත්ත්වය ඇතිවිය හැක.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදාගනී. තෛල අභ්‍යාසයක්, පත්තු බැඳීම, ආලේප, කූඩැල්ලන් යොදවා සිදුකරන ප්‍රතිකාර දැක්විය හැක.

වැදගත්ම කරාණව වන්නේ මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම සේම පාලනයද පහසු වේ. එබැවින් ප්‍රමාදයකින් තොරව මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. නැතහොත් ප්‍රතිකාරය අපහසු වනවා සේම බොහෝ ගැටලුවලට මුහුණ පෑමට ද සිදුවනු ඇත.

Previous articleපුංචි කරාබු නැටි දෙකකට අපේ ජීවිත වල ලොකු වෙනසක් කරන්න පුලුවන් කියලා දන්නවද ?
Next articleමිග්‍රේන් – ඉරුවාරදය නැත්තටම නැති කරගන්න මේ කෑම වර්ග ආහාරයට ගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights