Home Uncategorized ඔබේ ෆෝන් එක නිසා මී මැස්සෝ මැරෙනවා කියලා ඔබ දැන සිටියාද? ලෝකයේ...

ඔබේ ෆෝන් එක නිසා මී මැස්සෝ මැරෙනවා කියලා ඔබ දැන සිටියාද? ලෝකයේ වටිනාම ජීවියා ගැන භයානක අනාවැකිය මෙන්න.

0
19

අපි හිතාගෙන ඉන්නේ ලෝකයේ වටිනාම ජීවියා මිනිසා කියලා වෙන්න පුළුවන්.

හැබැයි ලෝකයේ ප්‍රධානතම විද්‍යා සංවිධාන (Earthwatch Institute) පවා දැන් නිල වශයෙන් ප්‍රකාශ කරලා ඉවරයි “මිහිපිට ඉන්න වැදගත්ම ජීවියා මී මැස්සා” කියලා.

මී මැස්සෙක් දෂ්ට කළාම දැනෙන වේදනාවට වඩා සිය දහස් ගුණයක වේදනාවක් මුළු ලෝකයටම දැනෙන දවස වැඩි ඈතක නෙවෙයි වගේ. මොකද මේ පුංචි යාළුවෝ ටික දැන් ලෝකයෙන් සදහටම සමුගන්න ලෑස්ති වෙනවා!

නවතම වාර්තාවලට අනුව ලෝකයේ හිටපු මී මැසි ගහණයෙන් 90%ක්ම මේ වෙද්දී වඳ වෙලා ඉවරයි. මේකට ප්‍රධානම හේතුව අපි හැමෝම අතේ තියෙන ජංගම දුරකථනයයි!

ස්විට්සර්ලන්තයේ පර්යේෂකයන් කියන විදිහට දුරකථන ඇමතුම් ලබාගන්නා විට නිකුත් වන තරංග නිසා මී මැස්සන්ට තමන් යන්නේ කොහේටද කියලා හිතාගන්න බැරි වෙනවලු. උන්ගේ “දිශානතිය” වෙනස් වෙලා අතරමං වීම නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. මීට අමතරව වනාන්තර විනාශය සහ කෘෂි රසායන නිසාත් මේ විනාශය වේගවත් වෙලා තියෙනවා.

ඔබ දන්නවාද? ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් 70%ක්ම රඳා පවතින්නේ මේ පුංචි මී මැස්සා මතයි. අපි කන ආහාර වර්ග 100කින් 70කටම මී මැස්සාගේ මැදිහත් වීම නැතුවම බැහැ. මී මැස්සෝ ටික නැති වුණු ගමන් ලෝකයේ ආහාර හිඟයක් ඇති වෙලා සත්ව සංහතියම වඳ වෙන්න පටන් ගන්නවා.

තවත් පුදුම හිතෙන කතාවක් තියෙනවා. කිසිම ආකාරයක වෛරස්, බැක්ටීරියා හෝ දිලීරයක් තමන්ගේ ප්‍රවේණියෙන් ඉදිරියට ගෙන නොයන එකම ජීවියා මී මැස්සාලු. ඒ තරමටම උන් පිරිසිදුයි. මී පැණි කියන්නේ අපේ සෞඛ්‍යයට වගේම සමටත් කොච්චර වටිනා දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

විද්‍යාඥයන් යෝජනා කරන විසඳුම් 3ක් තියෙනවා

1.අන්තරායකර කෘමි නාශක භාවිතය වහාම තහනම් කිරීම.

2.සම්පූර්ණයෙන්ම ස්වාභාවික (Organic) වගාවන්ට හුරු වීම.

3.මී මැස්සන්ගේ ආරක්ෂාව ගැන දිගින් දිගටම අධ්‍යයනය කරමින් ඔවුන්ව සුරැකීම.

මී මැස්සෝ කියන්නේ නිකම්ම කෘමියෝ ටිකක් නෙවෙයි, ලෝකයේ පැවැත්ම තීරණය කරන “ජීවී හදවතයි”. උන්ව රැකගන්න එක අපේ අනාගතය රැකගන්නවා වගේ වැඩක්.

සමාජ මාධ්‍ය ඇසුරෙන් …

Previous articleශාන්තා සහ නිසංගා.. අඳුරු පාස්කු මතකයට වසර හතක් සපිරෙද්දී, රටක් කම්පා කළ ඔවුන්ගේ නික්මයාම…
Next articleඔබත් පරණ පහන්තිරම පාවිච්චි කරනවාද? බුදු පහන තැබිය යුතූ නිවැරදිම දිශාව මෙන්න.සෞභාග්‍යය දොරකඩටම එන රහස දැනගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights