ඔයත් ඔයාගේ බිරිඳ වෙනුවෙන් කාලය වෙන් කරන්නේ අඩුවෙන්ද ? ඒ නිසා ඔයාගේ බිරිඳ දුකින් කියලා දන්නවද ? එහෙනම් මෙන්න ඔයා දැනගතයුතුම කරුණු ටිකක්..

ඔයත් ඔයාගේ බිරිඳ වෙනුවෙන් කාලය වෙන් කරන්නේ අඩුවෙන්ද ? ඒ නිසා ඔයාගේ බිරිඳ දුකින් කියලා දන්නවද ? එහෙනම් මෙන්න ඔයා දැනගතයුතුම කරුණු ටිකක්..

ඔයා කාලය වෙන් නොකර ඉන්න කොට ඔයාගෙ බිරිඳ වේදනා විඳින විධිය දන්නවාද ?
ඔයාගේ සැමියා ඔයාත් එක්ක කසාද බැඳලා එකට ජීවත් වුණාට ඔයා වෙනුවෙන් ගුණාත්මකව කාලය වෙන් කරන්නේ නැත්නම් ඔයා චිත්තවේගීයව විඩාබර වෙළා පීඩාවට පත් වෙනවා.
🪞 “ඇය සුඛෝපභෝගී දේවල් ඉල්ලලා ඔයාට කරදර කරන්නේ නෑ. ඇය බලාපොරොත්තු වෙන එකම දේ ඔයා ඇය වෙනුවෙන් කාලය වෙන් කරන එක විතරයි.”
මුලදී, ඒ හැමදේම මැජික් එකක් වගේ හොඳට වෙනවා.
🔹රාත්‍රී කාලයේදි සිද්ධ වෙන කතා. ආදරණීය වැළඳගැනීම්. “මට ඔයාව ගොඩාක් වැදගත්” යැයි පවසන ඇස් සම්බන්ධතා.
නමුත් ඊටපස්සේ …
🔹ජීවිතය ඔහේ ගලාගෙන යනවා.
🔹රැකියාවේ රැස්වීම්
හදිසියේම – ඇයගේ හදවත නිහඬ සත්‍යයක් මුමුණනවා :
> “ඔයා මගේ ළඟටම වෙළා ඉන්නවා… නමුත් මට තවදුරටත් ඔයාව දැනෙන්නේ නෑ.”
මේ කතාව බොරුවක් නෙවෙයි. මේ දහස් ගණනක් විවාහවල සැබෑ චිත්තවේගීය අර්බුදය ගැන තමා මේ කියන්නේ.
ස්වාමිපුරුෂයෙක් තමන්ගේ බිරිඳට ආදරණීයව, ගුණාත්මක කාලයක් ලබා දෙන එක නැවැත්වූවාම, ඇයගේ ආත්මය බිඳෙන්න පටන් ගන්නවා. ඇයගේ ප්‍රීතිය අඳුරු වෙනවා. ඇයගේ ඉවසීම නැති වෙනවා. ඇයගේ ආදරය ගැන ඇය නිහඬවම අහන්න පටන් ගන්නවා, “මම තවමත් ඔහුට වටිනවාද?”
මේ විධියට දිගටම චිත්තවේගීය නොසලකා හැරීම් වෙද්දි මොකද්ද සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මම ඔයාට පැහැදිලි කරළා දෙන්නම්.
💔 1. The Lonely Wife Syndrome
චිත්තවේගීයව අතහැරලා දැම්මාම ඇය නිහඬව දුක් විඳින්න ගන්නවා.
ඇය උයනවා. ඇය හිනාවෙනවා. ඇය හැමෝටම ඇත්තටම ආදරයෙන් සලකනවා.නමුත් කවුරුත්ම ඇය සැබවින්ම කරන දෙය ගැන දකින්නේ නැහැ.ඇය වරක් ආදරයෙන් දුවගෙන ගිහින් වැළඳ ගත්ත සැමියා දැන් එකම කාමරයක අවතාරයක් වගේ ජීවත් වෙනවා.
🧠 පර්යේෂණ වලට අනුව :
Journal of Marriage and Family අධ්‍යයනයකින් තහවුරු වෙන්නේ චිත්තවේගීය සහයෝගය නැති වුණාම, කාන්තාවන් ගැඹුරු මානසික අවපීඩනය(Depression ), කාංසාව(Anxiety) සහ චිත්තවේගීය විඩාබර බව අත්විඳින බවය.
🔗 මූලාශ්‍රය
https://onlinelibrary.wiley.com/doi/abs/10.1111/jomf.12607
✅ උපායමාර්ගය:
👉 “The “10-Minute Miracle”
✅සෑම දවසකදින, නිදහසට කරුණු කියන්නේ නැතුව විනාඩි 10-15 ක් ඇයට නොබෙදුණු අවධානයක් ලබා දෙන්න.
🔹අහන්න: “අද ඔයාට ඇත්තටම දැනෙන්නේ කොහොමද?”
🔹ජංගම දුරකථන එවෙලෙට පාවිච්චියට ගන්න එපා. අවධානය වෙනතකට යොමු කරන්න එපා. ආදරය විතරක් කරන්න.
🔇 2. Conversations Turn to Silence
ඇය කතා කරන එක නවත්තන්නවා… ඇයට කියන්න කිසිම දෙයක් නැති නිසා නෙවෙයි, ඔහු ඇත්තටම සවන් දෙන්නේ නෑ කියලා ඇය දන්න නිසා මුකුත්ම කියන්න යන්නෙත් නෑ.
සන්නිවේදනය මිය යන්නේ කෑගැසීම් සමඟ නෙවෙයි, නිහඬතාවයෙනි.
🔹බිරිඳකට සවන් නොදුන් බවක් දැනෙන කොට, ඇය චිත්තවේගීයව ඇයව වසා දමනවා.
🔹වරක් ආදරය ජීවත් වුණ තැන ජීවත් වෙන්නේ හැඟීමක් දැනීමක් නැතුව ඔහේ පුරුද්දට සොම්බි වගේ ජීවත් වෙනවා.
🧠 පර්යේෂණවලට අනුව :
සම්බන්ධතාවය සඳහා small emotional bids නොසලකා හැරියාම යුවළක් දික්කසාදය කරා යන ප්‍රමුඛ ලකුණක් බව ආචාර්ය ජෝන් ගොට්මන් සොයා ගත්තා.
🔗 මූලාශ්‍රය

Turn Towards Instead of Away


✅ උපායමාර්ගය :
👉 “Turn Toward” පුරුද්ද
🔹ඇයව බෙදා ගන්න සුදානම් වුණාම, අදහස් දක්වන්න. ඇය සිනාසෙන කොට, ඇය සමඟ එකතු වෙන්න.
🔹කුඩා අවස්ථාවන්හිදි පවා ඇය වෙනුවෙන් පෙනී සිටින්න. විශ්වාසය වර්ධනය වන්නේ එතැනින්.
🛏️ 3. Intimacy Fades, Resentment Rises
ඇයව ස්පර්ශ කරනවාට ඇය කැමති නෑ.
🔹ඇයව නොදැක්කා වගේ ඉන්නවා කියලා දැනෙන කොට ඇය චිත්තවේගීයව විඩාබර වෙනවා.
චිත්තවේගීය උණුසුමකින් තොරව, ශාරීරික සමීපතාවය යාන්ත්‍රික බවට පත් වෙද්දි ආදරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා.
🔹ඊටපස්සේ බිරිඳ පෙම්වතියකට වඩා භාරකාරියක හෝ ආගන්තුකයෙක් වගේ දැනෙන්න පටන් ගන්නවා.
🧠 පර්යේෂණ අනුව :
නිතිපතා ලිංගික නොවන චිත්තවේගීය බැඳීමක යෙදෙන ජෝඩු ශක්තිමත්, උද්‍යෝගිමත් සබඳතා පවත්වා ගැනීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.
🔗 මූලාශ්‍රය

What is EFT?


✅ උපායමාර්ගය :
👉 “Unplugged Love Nights”
🔹සතියකට එක් රාත්‍රියක් තෝරගන්න. රූපවාහිනිය බලන්න එපා. දුරකථන පාවිච්චි කරන්න එපා. පීඩනයක ඉන්න එපා.
🔹ඇස් ස්පර්ශ කරන්න, ගැඹුරු කතා කියන්න.
🔹ඔයාගේ ශරීරයට පෙර ඔයාගෙ ආත්මය ස්පර්ශ කරන්න ඉඩ දෙන්න.
🌱 ආදරණීය ස්වාමිපුරුෂයන් මේ දේවල් අමතක කරන්න එපා…!
🔹ඇයට ඔයා මාලිගාවක් ගොඩනඟන්න අවශ්‍යය වෙන්නේ නෑ.
🔹ඇයට අවශ්‍යය ඔයා ඇය සමඟ සෝෆාවේ වාඩි වෙළා සැබවින්ම ඇයට සවන් දෙනවා නම් ඇය කැමතියි.
🔹ඇයට ඔයාගෙන් මහා අභිනයන්(gestures) අවශ්‍යය නෑ.
🕰️ ඔයාට ඇය වෙනුවෙන් දෙන්න පුළුවන් මිල අධිකම තෑග්ග වෙන මුකුත්ම නෙවෙයි.ඔයාගේ කාලය ඒක පුළුවන් තරම් වටින විධියට පිරිනමන්න අමතක කරන්න එපා..!

credit by :ඔෂාන් බමුණු ආරච්චි

Uncategorized