ලෙඩ නැති කරන වතුර සූත්‍රය ගැන දන්නවද ? නිරෝගීව ඉන්න දැනගෙන වතුර බොන්න

ලෙඩ නැති කරන වතුර සූත්‍රය ගැන දන්නවද ? නිරෝගීව ඉන්න දැනගෙන වතුර බොන්න

නිරෝගී ජීවිතයක් කියන්නේ කොයි කාගෙත් එකම බලාපොරොත්තුව කිව්වොත් නිවැරදියි. ඒත් අපේ ජීවිත නිරෝගීව පවත්වා ගන්න අපේ කැප වීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ ඇතැමුන් වතුර වීදුරුවක් බොන්නවත් සැලකිලිමත් නැහැත ඒත් වතුර කියන්නේ අපි නොහිතන විදියේ ප්‍රතිලාභ අපිට හිමි කර දෙන වටිනා සම්පතක්. වතුර නිසි පරිදි පානය කිරීමෙන් නිරගෙී බවට විශාල පිටුවහලක් ලැබෙනවා. ඒත් එය කෙසේද කළ යුත්තේ කෙසේදැයි කියා අපි අද සාකච්ඡා කරමු.
අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණම වැඩිපුර වතුර ටිකක් බොන්න වුණත් වතුර බීමේ නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි.

මිනිස් සිරුරට වතුර අවශ්‍ය ඇයි?

මිනිස් ශරීරයේ දළ වශයෙන් 60%ක විතර තිබෙන්නේ වතුර. සිරුරේ සෑම පද්ධතියකම පාහේ නිසි ක්‍රියාකාරීත්වයට වතුර මූලික අවශ්‍යතාවයක්. රුධිරයේත් වැඩි ප්‍රතිශතයක් වතුර තිබීම එයට හේතුවයි. අපි නිසි විදිහට වතුර පානය නොකළොත් සංකූලතා රුසක් ඇති වෙනවා.

වතුර නොබිව්වොත් සිදුවන්නේ කුමක්ද?

අපට ආහාරයක් නැතුව දවස් කිහිපයක් ජීවත් විය හැකි නමුත් වතුර නොමැතිව සිටිය හැක්කේ සීමිත කාලයක් පමණයි. නිසි පරිදි වතුර නොබොනවා යැයි නිරීක්ෂණය කරන්න පුළුවන් මුල්ම ලකුණ තමයි වියළි සම. එයට අමතරව හිස කැක්කුම, මානසික ඒකාග්‍රතාව ගිලිහීම, අලස බව, ප්‍රබෝධමත් නොවීම ආදියයි. එමෙන්ම සිරුරේ අපද්‍රව්‍ය දහඩිය සහ මූත්‍ර ක්‍රියාවලියටත් වතුර නොබීමෙන් බාධා ඇති වෙයි.

අපිට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය කොපමණද?

වෛද්‍ය නිර්දේශයට අනුව පිපාසය දැනෙන අවස්ථාවලදී පමණක් නොවෙයි නිතර නිතර වතුර උගුරු කිහිපයක් පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් සිරුරේ බර මෙන් 0.033 ගුණයක වතුර ලීටර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සිරුරේ බර කිලෝ ග්‍රෑම්වලින් සටහන් කරගෙන, එය 0.033කින් ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුරට සරිලන ලීටර් ප්‍රමාණය අපේ දෛනික වතුර අවශ්‍යතාවය ලෙස සැලකිය හැකියි.

ඔබේ බර (kg) × 0.033 = අවශ්‍ය වතුර ලීටර ප්‍රමාණය

මෙන්න නිදසුන් කිහිපයක්.
40kg × 0.033 = ලීටර 1.32
50kg × 0.033 = ලීටර 1.65
60kg × 0.033 = ලීටර 1.98

මේ සූත්‍රයට අනුව නිසි ප්‍රමාණය සොයා මැන බලා ජලය පානය කිරීමට ඔබත් පුරුදු වෙන්න.

වතුරත් බොන්න අගුණ වේලාවල් තියෙනවද?

හැම වෙලාවකම වතුර බීමත් එතරම්ම සුදුසු නැහැ. ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. නමුත් ජලය බීමට නුසුදුසු අවස්ථාත් තියෙනවා. එවැනි නුසුදුසු අවස්ථාවල ජලය පානය කිරීමෙන් ඔබට අතුරු ආබාධ ඇති විය හැකිය.

නිදා ගන්න කලින් වතුර බොන්න එපා.
නින්දට පෙර ජලය පානය කිරීමෙන් ඔබේ නින්දට බාධා ඇති විය හැකියි. රාත්‍රියේදී ඔබට මූත්‍රා කිරීමට අවශ්‍ය වන අතර, ඒ හේතුවෙන් නින්ද අතරතුරදී නැවත අවදි වීමට ඔබට සිදු වෙනවා. වකුගඩුවල ක්‍රියාකාරිත්වය දිවා කාලයට සාපේක්ෂව රාත්‍රී කාලයේ දී අඩු වේ. උදෑසන මුහුණේ සහ ඇඟිලි ස්වල්ප වශයෙන් ඉදිමෙන්නේ මේ නිසායි.

ව්‍යායාම කරන අතරතුර වතුර බොන්න එපා
ව්‍යායාම කරන අතරතුර, මහන්සි ඇති වෙන රාජකාරියක නිරත වෙලා සිටින අතරතුර ජලය පානය නොකරන්න. මහන්සි වීමේදී පුද්ගලයකුගේ ශරීරයේ උෂ්ණත්වය අධික ලෙස වැඩි වීමට හේතු වේ. එවැනි අවස්ථාවකදී ජලය පානය කිරීම නුසුදුසුය. එමෙන්ම හදවත් රෝගීන් මහන්සි වන අතරතුර ජලය පානය කිරීමෙන් හදිසි හෘදයාබාධවලට පවා ලක් විය හැකිය.

මූත්‍රවල පැහැය විනිවිද පෙනෙන සුලු නම් වතුර බොන්න එපා
සම්පූර්ණයෙන්ම පැහැදිලි මූත්‍රාවලින් හෙළි කෙරෙන්නේ ඔබේ සිරුර පමණට වඩා සජලනය වී ඇති බවකි. ඔබේ මූත්‍ර අවර්ණ නම්, එයින් හැඟවෙන්නේ දිනය තුළ ඔබ පානය කළ යුතු ජල ප්‍රමාණයට වඩා ඔබ ජලය ලබා ගෙන ඇති බවයි. පමණට වඩා ජලය පානය කිරීමෙන් ඔබේ සිරුරේ අඩංගු සෝඩියම් මට්ටම පහළ බැසීම, හෘදයාබාධ ඇති වීම, hyponatremia රෝගය වැලඳීම, කරකැවිල්ල, මානසික ව්‍යාකූලතා සහ මානසික අවපීඩනයට ද හේතු විය හැක.

සැර ආහාර ගැනීමෙන් ඇති වන දැවිල්ලට වතුර බොන්න එපා
ආහාර ගන්නා අතරතුරේදී වතුර බොන්න එපා
මුහුදු ජලය පානය කරන්න එපා
එමෙන්ම මුහුදු වතුරේ අඩංගු ලුණු නිසා ඔබේ සිරැර විජලනයට පත් විය හැකියි. මේ නිසා ඔබ මුහුදු රුල්ල පෑගීමට හෝ පිහිනීමට යනවා නම් පිරිසිඳු වතුර බෝතලයක් රැගෙන යන්නට කල්පනාකාරී වන්න.

Uncategorized