Home දේශිය පුවත් අධිවේගයේ වැටත් කඩාගෙන පැන්න බවුසර් අනතුරින් රියැදුරු සහ සහයකයා ජීවිතක්ෂයට..

අධිවේගයේ වැටත් කඩාගෙන පැන්න බවුසර් අනතුරින් රියැදුරු සහ සහයකයා ජීවිතක්ෂයට..

0
44

අධිවේගයේ සිදුවන විවිධ අනතුරු ගැන විටින් විට අපි අසා තිබෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් බිහිසුණු අනතුරක් නිසා ජීවිත අහිමිවූ සිද්ධියක් ගැන කතාවක්..

මධ්‍යම අධිවේගී මාර්ගයේ නාකුළුගමුව හා මීරිගම අතරදී ඉන්ධන බවුසරයක් සහ ලොරියන් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයෙකු තුවාල ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය පවසනවා..

කිලෝමීටර 41.1 කොළඹට ගමන් ගන්නා මං තීරුවේදී මෙම රථ දෙක එකිනෙක ගැටීමෙන් බෑවුමට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරන්නේ..

අනතුරින් මියගොස් ඇත්තේ ඉන්ධන බවුසරයේ සහායකයා සහ ලොරි රථයේ රියදුරු බවයි පොලිසිය සඳහන් කරන්නේ..

අනතුරින් මාර්ග සංවර්ධන අධිකාරියේ දේපළවලටද දැඩි හානි සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ..

Previous articleඔයාලත් මේ කෙම් ක්‍රම ටික දන්නවද ? අපෙන් ඈත් වෙන කෙම් ක්‍රම ටිකක් මෙන්න. බලන්නකෝ ඔයත් මේවා දන්නවද කියලා
Next articleචූටි මැණික ඒ දෙන්නාගේ ළඟට ඇවිත් මාස නවයක්…” අනේ මෙන්න බලන්නකෝ කෛලාෂ්ගේ සතුට..
error: Content is protected !!
Verified by MonsterInsights