වකුගඩු රෝගය කියන්නේ අද වෙනකොට ලංකාවේ අපිට “ජාතික ප්‍රශ්නයක්” වෙලා ඉවරයි.
විශේෂයෙන්ම උතුරුමැද පළාතේ ජනතාවට මේක මාරකයක් වෙලා. ආසියාවේ වැඩිම රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් මිනිස් ශරීරවලට ඇතුළු වෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව උඩින්ම ඉන්න නිසා, අපේ ශරීරයේ “ෆිල්ටර්” එක නැත්නම් වකුගඩු දෙක බේරාගන්න එක ලොකු අභියෝගයක්.
ඔබේ වකුගඩු නරක් වී ඇති බවට ශරීරය ඇතුළතින් දෙන බය හිතෙන ඉඟි 10ක් මෙන්න. මේවා ඔබත් අත්විඳිනවාද කියලා දැන්ම බලන්න..
01. රෑට නිතර නිතර ඇහැරෙන්නේ සීතල නිසාද?
සීතල දවස්වලට හෝ වැඩිපුර වතුර බීපුවම මුත්‍රා යන එක සාමාන්‍යයි. හැබැයි ඔයා නිදාගෙන ඉන්නකොට හැමදාම රෑට ඇහැරෙන්නේ මුත්‍රා කරන්නම නම්, ඒ වගේම මුත්‍රා අවශ්‍ය ප්‍රමාණයට නොයා ටික ටික නම් යන්නේ – ඒ ඔබේ වකුගඩුවල “පෙරණය” නරක් වීමේ ලකුණක් විය හැකියි!
02. නිදිමත තිබුණත් නින්ද යන්නේ නැද්ද?
මානසික ප්‍රශ්නයක් හෝ ෆෝන් එකේ ඉන්න ඇබ්බැහියක් නැතිව, අධික නිදිමතක් තිබුණත් ඔයාට නින්ද යන්නේ නැත්නම් පරිස්සම් වන්න. වකුගඩු මගින් ලේ පිරිසිදු නොකරන විට ශරීරයේ එකතු වන විෂ නිසා ඔබේ නින්ද අහිමි වෙන්න පුළුවන්.
03. සම කසන්නේ ඇලජික් එකකට විතරක් නෙමෙයි!
සබන් ගෑවම හෝ කෑමක් කෑවම සම කසනවාට වඩා වෙනස් විදියට, සමේ අධික වියළි බවක් එක්ක සමට යටින් කසනවා වගේ දැනෙනවා නම්, ඔබ යා යුත්තේ චර්ම රෝග වෛද්‍යවරයෙක් ළඟට නෙමෙයි, වකුගඩු පරීක්ෂාවකටයි.
04. මුත්‍රාවලින් ලේ පිටවීම: වහාම ක්‍රියාත්මක වන්න!
වකුගඩුව කියන්නේ අපිරිසිදු වතුර පෙරන මැෂින් එකක් වගේ දෙයක්. පෙරණයේ අවුලක් වුණොත් ලේ වල තියෙන රතු රුධිරාණු මුත්‍රා සමඟ පිට වෙන්න ගන්නවා. මෙය දුටු සැණින් තවත් පරක්කු නොවී වෛද්‍යවරයකු හමුවන්න.
05. සබන් පෙණ වගේ මුත්‍රා පිටවෙනවාද?
සාමාන්‍ය මුත්‍රා වල තියෙන පෙණ ඉක්මනින් නැති වෙනවා. හැබැයි මුත්‍රා පිට කරද්දී සබන් පෙණ වගේ එක පොකුරට තියෙන, ඉක්මනින් බිඳී නොයන පෙණ ගතියක් තියෙනවා නම්, ඒ ඔබේ වකුගඩුවලින් ප්‍රෝටීන් කාන්දු වෙන බවට දෙන ඉඟියක්!
06. කකුල් වල මේ ‘ටෙස්ට්’ එක කරලා බැලුවද?
හේතුවක් නැතිව වළලුකර හෝ දණහිස් ඉදිමෙනවා නම් පොඩි ටෙස්ට් එකක් කරන්න. ඉදිමුණු තැන ඇඟිල්ලෙන් ඔබලා බලන්න. ඔබපු ගමන් සම උඩට එන්නේ නැතිව එබීගෙනම තියෙනවා නම්, ඔබේ වකුගඩු “රතු එළියක්” නිකුත් කරමින් ඉන්නේ.
07. ඇස් යට ඉදිමෙන්නේ නිදි මැරීම නිසාම නෙමෙයි
සැලකිය යුතු හේතුවක් නැතිව ඇස්වල යට ඉදිමෙනවා නම්, එය වකුගඩුවලින් ප්‍රෝටීන් කාන්දු වීම නිසා සිදුවන්නක්. වෛද්‍යවරයෙක් හමුවීම පරක්කු කරන්න එපා.
08. කටේ ‘මළකඩ රසයක්’ දැනෙනවාද?
දත් මැද්දත් කට අධිකව ගඳ ගසනවා නම්, කටට ඇමෝනියා රසයක් හෝ යකඩ මළකඩ රසයක් නිතර දැනෙනවා නම්, ඒ රුධිරයේ අපද්‍රව්‍ය පිරී ඇති බවට වකුගඩුව දෙන ඉඟියයි. මෙය කට මළකඩ කෑමක් නෙමෙයි, වකුගඩු ලෙඩ වීමක්!
09. ඇඟේ ‘මාළු නටනවා’ වගේද?
හේතුවක් නැතිව ඔබේ මස්පිඩු එකම රිද්මයකට නලියනවා නම්, හිටි හැටියේ අත්-පා ගැස්සෙනවා නම් ඒ ගැන නොපමාව සොයා බැලිය යුතුයි.
10. නිතර එන ඔක්කාරය
ගැබ් ගැනීමක්, මිග්‍රේන් හෝ ආහාර විෂ වීමක් නොවන වෙනත් හේතුවක් නැතිව ඔබට නිතර ඔක්කාරය සහ වමනය ඇතිවෙනවා නම්, වහාම ඔබේ වකුගඩු දෙක පරීක්ෂා කරගන්න.












