Home දේශිය පුවත් මෙරට ඉතිහාසයේ පළමුවරට හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට..

මෙරට ඉතිහාසයේ පළමුවරට හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට..

0
122
අද උදෑසන සිට ඔහු ගැන විවිධ පුවත් මැවුණා.. මේ අන්න ඒ ගැන මීට සුළු මොහොතකට කලින් අහන්න ලැබුණු අලුත්ම ආරංචියයි.. 

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වෙන්නේ…

ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා… ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි..

එසේ පැමිණි අවස්ථාවේදී හෝරා කීපයක් ප්‍රශ්න කිරීමෙන් පසුවයි, ඔහුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ..

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පුද්ගලයින් දස දෙනෙක් මෙම සංචාරයට ගොස් ඇතැයිද වාර්තා වෙනවා.

අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්තා.

රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයකම නියෝජිතයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල රැදී සිටියා..

Previous articleගෑස්ට්‍රයිටීස් හැදෙන්න කලින් හරියටම දැනගන්න. මේ පුරුදු ඔයාටත් තියෙයිද බලන්න
Next articleඋළුහාල් සහ තැඹිලිවලින් දියවැඩියාවට නොවරදින ඖෂධයක් හදන හැටි…
error: Content is protected !!
Verified by MonsterInsights