Home දේශිය පුවත් අදින් පසුව මෙයා මගේ දුවෙක්… රටක් හදුනන දිනේෂ් සුභසිංහ පුංචි දිලිදා වෙනුවෙන්...

අදින් පසුව මෙයා මගේ දුවෙක්… රටක් හදුනන දිනේෂ් සුභසිංහ පුංචි දිලිදා වෙනුවෙන් ඉදිරිපත් වෙයි.

0
81

අදින් පසුව මෙයා මගේ දුවෙක්.. it’s a promise
Copied

කනස්සල්ලට හේතු කර ගන්න එපා, මේ දුවට භාර කරුවෙක් නැති වුණොත් මම සහ මගෙ ගෙදර අය එයාව හදා ගන්නවා දරුවෙකු
විඳියට, එය පොරොන්දුවක් මගෙන්,
නුවර එළියේ එම රෝහලේ හෙද සේවය කරන Maheshika නෝනා හෙට දින මාව දැනුවත් කරන්නම් කීවා,
ඇය කී පරිදි දරුවන් 3 දෙනෙක් ඉන්නවා,
මව බේරා ගන්න ඔවුන් ලොකු සටනක් දි තිබෙනවා,.
මා දැම්ම එක කොමෙන්ට් එකකට ඉතාම පින්වත් පිරිසක් පණිවිඩ විශාල ප්‍රමාණයක් දමමින් සිටියි,
අඩුම තරමින් දැනටමත් දරුවා රැක ගන්න බාර ගන්න ගොඩ දෙනෙක් කැමැත්ත පළ කර සිටියි,
මුහුණු පොතේ උණුසුම අඩු වෙන දවසේදී එම දරුවන්ගෙන් බිමට වැටෙන්නට නියමිත කදුළු වලක්වන්න මම ඉදිරිපත් වෙනවා,
භාර කරුවෙකු නැතුවම ගියොත් මම ජීවත් වන තුරු කවදාවත් මේ පුතා තනි වෙන් නැහැ, පවුලේ තව එයාට සොහොයුරන් දෙන්නෙක් සිටිනවා,
මේ පිළිබඳව ක්‍රියාත්මක වන නිලධාරීන්ට මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි,
අපි අන් අයගේ සතුට හදවතින් ආරක්ෂා කර ගමු, FB එකේ දුක් ගි නොගයා අපි ආදරණීය දරුවන් තිදෙනා රැක ගැනීමට කිසියම් සැලසුමක් සමග වග බලා ගමු නේද?

අදින් පසුව මෙයා මගේ දුවෙක්, it’s a promise

Dinesh subasinghe

Previous articleරම්බොඩ ඛේදවාචකයට මුහුණ දුන් ඔහු ලියූ සංවේදී සටහන මෙන්න.
Next articleදරුවන් සමග වෙසක් සමරන්න බලාපොරොත්තුවෙන් බස් රථයට නැග්ග ඔහුට මෙවන් ඉරණමක් අත්වෙයි කියලා කවදාවත් හිතන්නේ නැතුව ඇති…
error: Content is protected !!
Verified by MonsterInsights