Home සයුරෙන් එහා පුවත් ගෝලීය තෙල් සැපයුම අනතුරේ? හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය

ගෝලීය තෙල් සැපයුම අනතුරේ? හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය

0
47

ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අනුමැතිය දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් අවසාන තීරණය ගනු ලබන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) විසින් බව‍යි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් 20% ත් 25% ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙනු ඇති.

මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි.

එම නිසා මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇති විය හැකි අතර, තෙල් මිල ඉහළ යෑමට ද කරුණක් වනු ඇති.

Previous article27 වන ෂැංහයි සිනමා උළෙලේ සම්මාන ද්විත්වයක් ශ්‍රී ලංකාවට… ලාංකීය සිනමාව ජාත්‍යන්තරට අරන් ගිය ඔවුන් ගැන විස්තරේ මෙන්න
Next articleයොහානි බලන්න ආ ජැකලීන්.. කාලෙකට පස්සේ එයාලා ආයෙමත් හමුවෙලා…
error: Content is protected !!
Verified by MonsterInsights