Home ක්‍රීඩා පුවත් ලොවක් හඳුනන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ හදකම්පා කරන ඒ දුක්බර ආරංචිය මෙන්න

ලොවක් හඳුනන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ හදකම්පා කරන ඒ දුක්බර ආරංචිය මෙන්න

0
733
White flag blowing in the wind in front of a clear blue sky

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් වගේම නායකයා වන සිකන්දර් රාසාගේ නිවසින් අසන්න ලැබෙන්නේ හදවත කම්පා කරවන පුවතක්.

සිකන්දර් රාසාගේ බාල සහෝදරයා වූ මුහම්මද් මහ්දි (Muhammad Mahdi) අභාවප්‍රාප්ත වූ බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

මුහම්මද් මහ්දි මිය යන විට පසුවූයේ 13 වැනි වියේයි. ඔහු උපතින්ම හිමොෆීලියාව (Haemophilia) නම් රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව වාර්තා වෙනවා. පසුගිය දිනවල ඇති වූ දරුණු සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් පසුගිය දෙසැම්බර් 29 වැනිදා හරාරේ නුවරදී මේ කුඩා දරුවා මෙලොව හැර ගොස් තිබෙනවා. ඔහුගේ දේහය පසුදාම (දෙසැම්බර් 30) සුසාන භූමියේදී මිහිදන් කෙරුණා.

රාසා කියන්නේ ලෝකය පුරාම ආදරය දිනාගත්ත ක්‍රීඩකයෙක් නිසා, සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය මේ වන විටත් රාසාගේ පවුල වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂම දේ තමයි මේ පෞද්ගලික ශෝකජනක සිදුවීම වුණේ රාසාගේ ක්‍රිකට් ජීවිතයේ ඉතාමත් කාර්යබහුල කාලයකදී වීමයි. මෑතකදී නිමාවූ ILT20 තරගාවලියේදී ‘ෂාජා වොරියර්ස්’ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 171ක් සහ කඩුලු 10ක් දවාගනිමින් ඔහු විශිෂ්ට දස්කම් අතරේ සිටියා. එවන් ජයග්‍රාහී මොහොතක තම සහෝදරයා අහිමි වීමේ ශෝකය ඔහුට දරාගැනීමට අපහසු එකක් වනු ඇති.

Previous articleසංජානා ඔනාලි කෙළින්ම උත්තර දෙයි. “මම රැවටුණා වගේ තවත් කෙනෙක් රැවටෙන්න එපා – සංජානා
Next articleසති 23කදි දරුවෙකු මවගේ කුසෙන් එළියට ගෙන ගෙඩියක් ඉවත් කර නැවත වර්ධනය සදහා දරුවා කුස තුලට දමා සති 36කින් දරුවාට නිරෝගී උප්පත්තියක් ලබාදුන් අපූරු වෛද්‍යවරයා…
error: Content is protected !!
Verified by MonsterInsights