Home Uncategorized ලොවක් කැළඹූ ඒ පුවත මෙන්න… කාගේත් ඇස් සොරාගත් ඇයට ඇත්තටම පණ තියෙනවාද...

ලොවක් කැළඹූ ඒ පුවත මෙන්න… කාගේත් ඇස් සොරාගත් ඇයට ඇත්තටම පණ තියෙනවාද ?

0
52

මේ පුවත ඇත්තටම වෙනස් එකක්.. ඇය ගැන දැනගන්න ඔබත් ඇත්තේ කුතුහලයෙන්..

චීනයේ නිශ්පාදිත නව රෝබෝ කෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ..

චීනයේ ටියැන්ජින් හි මේ වනවිට පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය, නවීනතම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් භාවිත රොබෝවරුන්ගෙන් පිරී පවතින බව එරට වාර්තා පවසනවා..

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරුදීමට රුසියානු, ඉංග්‍රීසි සහ චීන භාෂා කතාකළ හැකි ෂවු හී නම් රෝබෝ කාන්තාව ඉන් සුවිශේෂයි..

භාෂා තුනෙන්ම ඇය සමඟ සංවාද කළ හැකි අතර සමුළුව පිළිබඳ විස්තර කරදීමට ඇය ඉදිරිපත් වී සිටිනවා…

කෙසේවෙතත් අසන සෑම ප්‍රශ්නයකට ඇයගෙන් පිළිතුරු ලබාගැනීමට නොහැකි අතර එහි සිටින ඇතැම් මාධ්‍යවේදීන් අසන දේශපාලනික ප්‍රශ්නවලට ඇය පිළිතුරු නොදෙන බව ද වාර්තාවල දැ‍ක්වෙනවා..

එමෙන්ම පාර්සල් වෙන්කිරීම, චීන අකුරුවලින් යම් යම් දේ ලියාදීම, ආහාර පාන ලබාදීම, වතුර බෝතල් ළඟට ගෙනත් දීම වගේම තවත් බොහෝ දේ එහි පැමිණෙන අමුත්තන් වෙනුවෙන් කරදීමට රොබෝලා රැසක් එහි රාජකාරියේ යෙදෙනවා..

මෙම සමුළුඉතිහාසයේ මෙතෙක් පැවැත්වූ දැවැන්තම සමුළුව මෙය බවට ද ඇතැම් වාර්තාවල පළ කර තිබුණා..

Previous article2025 කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පී තරගාවලියේ දී සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පියෙක් ගැන ඇසෙන කතාව මෙන්න
Next articleදිව ඔසුවක් බඳු කතුරුමුරුංගා.. මේ තරම් ලෙඩ ගොඩකට ගුණදායක බව ඔබත් දැනගෙන සිටියාද ?
error: Content is protected !!
Verified by MonsterInsights