ශ්‍රී ලංකාවට වගේම ලෝක වෛද්‍ය ඉතිහාසයටම අලුත් පිටුවක් එක් කරමින් ත්‍රිකුණාමලය මහ රෝහලේ දක්ෂ වෛද්‍යවරුන් පිරිසක් අපූරු වාර්තාවක් තබන්න සමත් වී තිබෙනවා.
මුත්‍රා කිරීමේ දැඩි අපහසුතාවක් නිසා වෛද්‍ය ප්‍රතිකාර පතා ත්‍රිකුණාමලය මහ රෝහලට පැමිණ ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්. පසුව සිදුකළ ගැඹුරු වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඔහුගේ වකුගඩුව තුළ අතිශය දැවැන්ත ගලක් වර්ධනය වී ඇති බවයි. බරින් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 100 ක් (කිලෝ 3.1ක්) සහ දිගින් සෙන්ටිමීටර් 21 ක් වන මේ ගල සාමාන්‍ය වකුගඩු ගලකට වඩා අතිශය භයානක සහ විශාල ප්‍රමාණයකින් යුක්ත වුණා.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ වාර්තා වී තිබූ බරම වකුගඩු ගල ඉවත් කර තිබුණේ 2003 වසරේ බ්‍රසීලයෙන් වන අතර, එහි බර සටහන් වී තිබුණේ කිලෝග්‍රෑම් 1.9 ක් ලෙසයි. ඒ අනුව, දශක දෙකකටත් වඩා පැරණි එම ලෝක වාර්තාව අභිබවා යමින්, අපේ රටේ වෛද්‍යවරුන් ඉවත් කළ කිලෝ 3.1 ක මෙම දැවැන්ත ගලත් සමඟ අද ලෝක වාර්තාවක් ශ්‍රී ලංකාවට දිනා දීමට ඔවුන් සමත් වී තිබෙනවා.
ඉකුත් 14 වැනි දින අතිශය අවදානම් සහගත වුවත් ඉතාමත් සාර්ථක ශල්‍යකර්මයකින් පසුව රෝගියාගේ සිරුරෙන් මෙම ගල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගත්තා. මෙම ඓතිහාසික හා අභියෝගාත්මක සැත්කමට ප්‍රධාන වශයෙන් නායකත්වය දී ඇත්තේ වකුගඩු ශල්‍ය වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන් මහතායි. ඊට අමතරව වෛද්‍ය එම්. රිෂ්ලි මහීල්, වෛද්‍ය ජේ.එම්. ඉහ්සාන්, වෛද්‍ය සී. ප්‍රහලතන් සහ නිර්වින්දන වෛද්‍ය අමිලා ජයකොඩි යන මහත්ම මහත්මීන් ද මෙම විශිෂ්ට කණ්ඩායම නියෝජනය කරමින් සිය දායකත්වය ලබා දී තිබෙනවා.
ලංකාවේ නම ලෝක මට්ටමකට ඔසවා තැබූ මේ අභීත වෛද්‍ය කණ්ඩායමට අපේ උණුසුම් ප්‍රණාමය!











