ඇය ගැබ්ගත් විට ඇයව ප්‍රතික්ෂේප කල Nike සමාගමට අපූරු පාඩමක් කියා දෙමින් ලොවක් දිනූ අපූරු අම්මා – ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම මළල ක්‍රිඩිකාව වූ ඇලිසල් ෆිලික්ස් ගැන ඇසෙන කතාව මෙන්න

ඇය ගැබ්ගත් විට ඇයව ප්‍රතික්ෂේප කල Nike සමාගමට අපූරු පාඩමක් කියා දෙමින් ලොවක් දිනූ අපූරු අම්මා – ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම මළල ක්‍රිඩිකාව වූ ඇලිසල් ෆිලික්ස් ගැන ඇසෙන කතාව මෙන්න

NIKE සමාගමට පාඩමක් ඉගැන්වූ ඇලිසන්..

ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ කෙටි දුර ධාවන ශූරියක් වන ඇලිසන් ෆීලික්ස් ගැබ්ගත් විට, ඇයගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන Nike ඇය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ඇය අපේක්ෂා කළා.

ඒ වෙනුවට, Nike සමාගම ඇගේ කොන්ත්‍රාත්තුව 70% කින් අඩු කිරීමට යෝජනා කළ අතර “ඇගේ ස්ථානය දැනගෙන දුවන්න” යැයි ඇයට පැවසුවා.

ෆීලික්ස් නිහඬව සිටීම ප්‍රතික්ෂේප කළා. ඇය Nike වෙතින් ඉවත්ව වෙළඳ නාමයකට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ උරුමයක් ගොඩනැගීමට පටන් ගත්තා.

සති 32 දී හදිසි සිසේරියන් සැත්කමකින් පසු, ඇය තම අලුත උපන් දියණිය NICU හි ජීවිතය සඳහා සටන් කරන දෙස බලමින් දින ගණනක් ගත කළා.

බහුතරයක් දෙනා එවන් අත්දැකීමකින් පස්සේ ධාවන පථයෙන් ඇය ඉවත්වීමට තීරණය කරාවි යැයි විශ්වාස කලා. නමුත් ඇය එසේ කළේ නැහැ. ඇය සුවය ලබා, පුහුණු වී, නැවත ධාවන පථයට පැමිණියා.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී, ඇගේම සමාගමක් වන Sayshහි සපත්තු පැළඳ, ෆීලික්ස් තරඟ වැදුණා පමණක් නෙවෙයි විජයග්‍රහණය කළා.

තවත් පදක්කම් දෙකක් දිනමින් ඇගේ මුළු පදක්කම් එකතුව එකොළහ දක්වා පත්කර ගත්තේ, කාල් ලුවිස් අභිබවා යමින් ඔලිම්පික් ධාවන පථ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ඇමරිකානු ක්‍රීඩිකාව බවට පත්වෙමින්.

නමුත් ඇගේ බලපෑම වේදිකාව මත අවසන් වූයේ නැහැ. Pampers සහ අනෙකුත් අනුග්‍රාහකයන් සමඟ හවුල් වෙමින්, ඇය ඔලිම්පික් ගම්මානයේ ප්‍රථම nursery එක ආරම්භ කළ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මව්කිරි දීමට, තම දරුවන් සැනසීමට සහ රන් පදක්කම් සඳහා තරඟ කිරීමට ඉඩක් ලබා දුන්නා.

ඇලිසන් ෆීලික්ස් වාර්තා තැබුවා පමණක් නොව, පවතින පද්ධතියට අභියෝග කරමින් ඇගෙන් පසු බිහිවන ක්‍රීඩිකාවන් සදහා නව මාවතක් විවර කිරීමට සමත් වුණා.

copied.

World Gossip