Home Uncategorized උළුහාල් සහ තැඹිලිවලින් දියවැඩියාවට නොවරදින ඖෂධයක් හදන හැටි…

උළුහාල් සහ තැඹිලිවලින් දියවැඩියාවට නොවරදින ඖෂධයක් හදන හැටි…

0
1489

අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ ශාරීරික තත්ත්වයන් ලෙසයි.

ඒ නිසා ඔවුන් ඉතාම අමාරු රෝගයකදී හැර ඖෂධ වශයෙන් නම් කරන දෙයක්‌ ගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් දෛනික ජීවිතයේදී තුන්වේලටම කිසියම් ඖෂධයක්‌ ගන්නට හුරු පුරුදුව සිටියා.

උදාහරණයක්‌ වශයෙන් ගත්තොත් ඔවුන් උදේට අනුභව කළේ කිසියම් අල වර්ගයක්‌. එහෙමත් නැත්නම් බඩ ඉරිඟු, මුං ඇට වැනි ධාන්‍ය වර්ගයක්‌. දහවලට ඔවුන් දේශීය සහල් වර්ගයකින් පිසින ලද බත් සමඟ එළවළු වර්ග දෙකක්‌ සමඟ පලා වර්ගයක්‌ අනුභව කළා.

රාත්‍රි කාලයේදීත් ඔවුන් බත් සමඟ එක්‌ හොද්දක්‌ අනුභව කර වේලාසනින් නින්දට ගොස්‌ අලුයමින් අවදි වුණා. මේ කියන කාලයේදී මත්පැන් භාවිතය තිබුණේ නැති තරම්. අරක්‌කු කියා දෙයක්‌ ගැන දැනගෙනවත් නොතිබුණු ඒ යුගයේ දකුණේ මිනිසුන් පොල් රා හෝ කිතුල් රා වලිනුත්, උතුරේ මිනිසුන් තල් රා වලිනුත් මත් ගතිය ලබා ගත්තා. සිගරට්‌ හෝ සුරුට්‌ටු බීමත් ඒ කාලයේ තිබුණේ නැහැ.

ඒ වෙනුවට පාවට්‌ටා කොලවලින් සෑදූ ඖෂධීය සුරුට්‌ටුවක්‌ තිබුණා. එය සෙම සහ කැස්‌සට හොඳ බවට පිළිගැනීමක්‌ තිබුණා. මේ අනුව එදා ජීවත් වූ අයට ඖෂධ වුණේ ආහාරමයි. දියවැඩියාව සුව කර ගැනීම සඳහා මෙයට වසර 500 කට පෙර විසූ ජනයා පාවිච්චි කළ පානයක්‌ ගැන ඔබට කියන්නම්. හොඳ තත්ත්වයේ තැඹිලි ගෙඩියක්‌ ගන්න.

උළුහාල් ග්‍රෑම් 25 ක්‌ වංගෙඩියේ ලා කොටා, තැඹිලි ගෙඩියේ ඇස්‌ස කපා එම උළුහාල් තැඹිලි ගෙඩිය තුළට දමා ඇස්‌ස වසා, රැයක්‌ එළිවන තුරු එළිමහනේ පින්නේ තබන්න. පසුව උදේ සවස ආහාරයට පෙර මෙය පානය කරන්න. මෙය දින 14 ක්‌ කළ යුතු ප්‍රතිකාරයක්‌. ඒ නිසා තැඹිලි ගෙඩි 14 ක්‌ අවශ්‍යයි. රන් තැඹිලි සපයා ගත හැක්‌ නම් වඩාත් සුදුසුයි.

සෙම් අමාරුව තිබෙන අය මෙය පරිහරණය කිරීමේදී රාත්‍රි වේල, ඉර බැසීමට පෙර සවස්‌ වරුවේ පානය කළ යුතුයි. ඒ සමඟම කුරක්‌කන් කැඳ, කුරක්‌කන් පිට්‌ටු, කුරක්‌කන් රොටි යනාදියත් ආහාරයට ගත යුතුයි. මෙය දියවැඩියාවට දිව ඔසුවක්‌.
උපුටා ගැනීමක්

Previous articleමෙරට ඉතිහාසයේ පළමුවරට හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට..
Next articleඇය ඒ උතුම් පදවියට සූදානම්ද ? කැනඩාවේ සිට ලංකාවට පැමිණි ශලනි ගැන ඇසෙන ඒ ආරංචි වල ඇත්ත නැත්ත මෙන්න ..
error: Content is protected !!
Verified by MonsterInsights