Home දේශිය පුවත් ” මට කලා ක්ෂේත්‍රයේ යාලුවො නැහැ. ඒ් නිසා ඇත්ත කතා කරන්න බයත්...

” මට කලා ක්ෂේත්‍රයේ යාලුවො නැහැ. ඒ් නිසා ඇත්ත කතා කරන්න බයත් නැහැ. කාගෙන්වත් මම යැපෙන්නෙත් නැහැ. ” සේනක විජේසිංහ

0
105

 

කලාකරුවෙක් හැටියට අපි මුලින්ම සේනක විජේසිංහව දකින්නේ ජයන්ත චන්ද්‍රසිරි කෘතහස්ත අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ දඩුබස්නාමානය ටෙලි නාට්‍යයෙන්. ඔහු එහි අංගම්පුර සටන්කරුවකු හැටියට හොදින් රගපෑවා.

කවදත් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන ඒ් වගේම කතා කරන, සේනක හිටපු ගමන් යම් යම් මත ගැටුම් පවා ඇති කර ගන්න අවස්ථා අපි දැක තිබෙනවා.

ඉදිරියේදී සේනක ඇතුලු පිරිසක් ප්‍රවීන කලාකරුවන් වෙනුවෙන් කරන උපහාර උළෙල ගැන අහන්න කතා කරන අවස්ථාවේ තවත් කාතාවක් ඇදිල ආවා. ඔන්න ඔය වෙලාවේ අපි ඒක්ක සේනක කිව්ව අමුතුම විදිහේ කතාව තමයි මේ.

“මට කේෂත්‍රය ඇතුළේ යාලුවෝ නැහැ. හිටිය නම් හිටියේ මගෙන් වැඩ අරගෙන, මගේ සැලසුම් හොරකම් කරගෙන මාව පැත්තකට දාල වෙනත් අය එක්ක සෙට් වෙච්ච අය. ඒ් සෙට් චෙච්ච මිනිස්සු හදුන ගත්තෙත් මගෙන්. ඉතින් ඒ් අය යාලුවෝ වෙන්නේ කෙහොමද.? මම මෙහෙම කිව්ව කියල මා එක්ක තරහ වෙන්න තරම් කෙනෙක්වත් නැහැ. කාගෙන්වත් යැපෙන්නෙත් නැහැ.

මම වුෂූ ක්ලාස් ඒකක් කරගෙන, සිංදුවක් කියාගෙන, ලැබුණොත් රගපාලා ජීවත් වෙන කෙනෙක්. හොර වැඩ නැහැ. ඒ් නිසා මාව වැඩි දෙනකුට දිරවන්නෙත් නැහැ. “

සේනක මේදවස්වල ලොකු වැඩක යෙදිල ඉන්න බව අපි ඔබට මුලදි කිව්වනේ. දැන් ඒ් ගැන කතා කරන ඒක හොදයි කියල අපිට හිතුණා.

“උපහාර උළෙල අගෝස්තු 29, නේද..?”

“ඔව්. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති ලෝටස් ශාලාවේදී අගෝස්තු 29 වැනිදා සවස 3.00ට මේ උත්සවය පැවැත්වෙනවා. සිලෝන් ආර්ටිස්ට් කවුන්සිල් කියන අපේ කලා සංගමය තමයි මේ උපහාර සම්මාන උළෙල සංවිධානය කරන්නේ.මේ සම්මාන උත්සවයේදී අපි අපේ රටට අගනා සේවාවක් කළ කලාකරුවන් 22 කට සම්මානයක් වගේම මුදලක් තෑගි කරනවා.

මේ කලාකරුවෝ නිකම්ම නිකම් අය නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට නිළි රුජින මාලීනී ෆොන්සේකා මහත්මියව ගනිමු. අපි මේ සංගමය හදල මේ වැඩේ පටන් ගනිද්දි ඇය ජීවතුන් අතර හිටියා. ඇයටත් සමිමානයක් දෙන්න හිටියා. නමුත් දැන් ඇය අප අතර නැති වුණත් ඒ්ක උපහාරයක් විදියටම ඇගේ සොයුරිය දමයන්ති මහත්මිය අතට දෙනවා.

මෙන්න මේ වගේ දශක ගණනාවක් කලාවට අප්‍රමාණ සේවාවක් මුලු ජීවිත කාලය පුරාවටම කළ රවින්ද්‍ර රන්දෙනිය, අයිරාංගණී සේරසිංහ, සිරිල් වික්‍රමගේ, අනුලා කරුණාතිලක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ලතා වල්පොළ, වික්ටර් රත්නායක, සුරියකුමාර් මුත්තලගේ වැනි කලාකරුවෝ වගේම කලාවතී . ආතර් යූ අමරසේන, සිරි කහවල, සේන සමරසිංහ, රෝහණ බැද්දගේ වගේ තවත් විශිෂ්තම කලාකරුවෝ ඒ දවසේ අපි අගයනවා.

ඒ් වගේම ඉදිරියේදීත් අපි බොහොම ක්‍රමවත් විදියට මේ අය ගැන අවධානය යොමු කරනවා. පොතක් ලියල මුද්‍රණය කර ගන්න බැරිව ඉන්න ලේඛකයන්ටත් අනුග්‍රහකයෝ හොයල දෙන වැඩ පිළිවෙලක් හදනවා.

මේක කරන්නේ මම විතරක් නෙමෙයි අපේ සංගමයයි. එතැන හොද කණ්ඩාමක් ඉන්නවා.

මේක මුදල් හොයන්නවත් අපි බැබලෙන්නවත් හදා ගත්ත ඒකක් නෙමෙයි.

Previous articleඑදා වගේම තවමත් හැඩට ඉන්න සරාගී තාරකාවිය නිත්‍යාගේ අලුත්ම ජායාරූප පෙල මෙන්න..
Next article“නිලියෝ, models ඔක්කොම left.. මාත් left..”ඇය මේ තරම් විශේෂ වෙන්නේ ඇයි..? නදීමාල්ගේ අලුත් මනමාලි ගැන පියුමි මේ කියන කතාව මොකද්ද..
error: Content is protected !!
Verified by MonsterInsights