අද වෙනකොට බොහෝ දෙනෙකුගේ ආහාර රටා වෙනස් වෙලා..
කාලයත් එක්ක ලේසියට පහසුවට අපි පුරුදු වෙලා ඉන්න මේ ආහාර රටා වෙනස් කරගන්න එක ඇත්තටම වටිනවා..
මේ කියන්න යන්නේත් ඔබේ අවධානයෙන් ගිලිහී යන තවත් එක් දෙයක් ගැන කතාවක්.. ආහාර සංස්කෘතියෙන් අපිට හිමි වූ අනගි භවනීය ආහාරයක් තමයි බතල කියන්නේ.. විටමින් A සීයට දෙසීයකටත් වැඩියෙන් ලබාදෙන බතල තරම් වෙනත් ආහාරයක් නොමැති තරම්.. විටමින් A විතරක් නෙවෙයි විටමින් C, විටමින් B-6, ආදී තවත් බොහෝ විටමින් වර්ගද යහමින් අඩංගු නිසා බතල කියන්නේ ඇත්තටම විටමින් අලයක්.. වත්ත වටේ ඉබේ පැලවෙන බතල අලයට කිසිම වටිනාකමක් නොදී ෆාමසියෙන් විටමින් පෙති ගෙනත් බොන්න තවමත් හිතනවා නම් ඇත්තටම ඔබ ඔබ ගැන තව පොඩ්ඩක් හිතන්න වෙනවා..
විටමින් පෙති වලින් විටමින් විතරක් ලැබුනට බතල ඔබට එහෙම කරන්නේ නැහැ. බතල කන ඔබට ඒ බතල අලය විසින් ප්‍රෝටීන්, මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් ද ලබාදෙනවා. ඔබේ ප්‍රතිශක්තිය වැඩිකර ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරවනවා. පිළිකාව, අධිරුධිර පීඩනය, මලබද්ධය ආදී බෝ නොවන රෝග රැසකට වැටකඩුළු බඳිනවා. ඒ විතරක් නෙවෙයි චර්ම රෝග, රත්පිත් රෝග, ක්‍රිමි රෝග ආදී රෝග රැසකින්ම ඔබව මුදවාගන්නවා. බතල තරමක් පැණි රසැති නිසා දියවැඩියාව හැදෙයිදෝ කියලා ඔබට සැකයකුත් ඇති. ඒත් ඇත්තටම බතල කියන්නේ දියවැඩියාව නිසා ඔබේ ඇසට සිදුවෙන හානි අවම කරන විශිෂ්ඨ ආහාරයක්. ඒ නිසා ඒ ගැන කුකුසක් ඇතිකරගන්න එපා.
ඔබ ගර්භණී මවක් නම් ගර්භණී සමය තුළ ගත හැකි පෝෂණීයම ආහාරයක් ලෙස මේ බතල හඳුන්වන්න පුළුවන්. බතල අලය ගැබිනි මවකට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථයන් නොඅඩුව ලබාදෙනවා විතරක් නෙවෙයි මව්කිරි ද හොඳින් වඩවනවා. ඒ නිසයි ඉස්සර අපේ අත්තම්මලා දරුවන් ලැබුණු අම්මලාට බතල තම්බලා පොල් එක්ක නිතරම වගේ කන්න දුන්නේ.
මහත අය දැක්කම විහිලුවට බතලයා බතලයා කිව්වට ඇත්තටම බතල කෑවම ඔබ මහත් වෙන්නෙ නෑ. බතල හොඳ කෙඳි සහිත ආහාරයක් නිසා ඉක්මණටම බඩ පිරෙනවා. අනෙක් ආහාරවල අඩංගු කැලරි ප්‍රමාණයට සාපේක්ෂව බතලවල තියෙන්නේ කැලරි 86 ක් වගේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා ඔබව අනවශ්‍ය ලෙස මහත්වීම ප්‍රමාද කරවනවා.
බතල හරියට පෝෂණීය කප් රුකක් වගේ. බතල ගහේ අලය විතරක් නෙවෙයි බතල කොළ කියන්නෙත් හොඳ පෝෂණීය ආහාරයක්. හොඳ එළවළුවක්. ඒ වගේම හොඳ ඖෂධයක්.
ඔබ නිතරම වගේ සෙම් රෝගවලින් පීඩා විඳිනවා නම් බතල කොළ ටිකක් ලපටි හරියෙන් කඩා එය සෝදා වේලාගෙන කුඩුකරගන්න. ඊට පස්සේ කෝපි බොනවා වගේ විටින් විට හදාගෙන බීලා බලන්නකෝ. මීට වඩා ඔසුවක් ඔබට තවත් නැතිවෙයි.
ඇඟේ කොහේ හරි චර්ම රෝගයක් තියෙනවා නම් අත්බෙහෙතක් විදිහට බතල කොළ ඇල්දියෙන් අඹරලා ඒ තැන්වල ආලේප කරලා බලන්න.
ගිනි අඟුරකට පොඩ්ඩක් පිච්චුනාම කෝමාරිකා කෑල්ලක් හොය හොයා තවත් දුවන්න ඕනි නෑ. අර කලින් කිව්ව විදිහට බතල කොළ ටිකක් ඇල් වතුරෙන් හොඳට අඹරලා එතන තියන්න. ඉක්මනින්ම සනීප වෙයි. මේ ප්‍රතිකර්මය සීරීම්වලට, කෘමි දෂ්ඨනවලටත් ඔබට භාවිතා කරන්න පුළුවන්.