Home Uncategorized “අම්මේ ඇයි අපේ තාත්තාට පැදුරු කඩමල්ලක් දුන්නේ නිදා ගන්න. තාත්තා ලොකු ඉස්කෝලයක...

“අම්මේ ඇයි අපේ තාත්තාට පැදුරු කඩමල්ලක් දුන්නේ නිදා ගන්න. තාත්තා ලොකු ඉස්කෝලයක ප්‍රින්සිපල් කෙනෙක්..” ඇඳක් නිසා දීග ගිය ගෙදර නැන්දම්මාට කෑ ගැසූ දුවට නැන්දම්මාගෙන් හොඳ උත්තරයක්..

0
134

 

 

ඇය මේ නිවසේ තමන්ගේ මවටත් , පියාටත් එක් රැයක් නතර වීමට ඇරයුම් කරලා..

කලකට පස්සේ මේ වගේ දෙයක් ඇය කළේ සමහරවිට ඇයට වෙන කරන්න දෙයක් තිබුණෙ නැති නිසා වෙන්න ඇති.. කොහොම වුණත් අවසානයේ මේ වැඩේ නිසා හිතන්නේ නැති තැනකින් මේ කතාව අවසන් වෙලා..

පියාට නිදා ගැනීමට පැදුරක් දුන්නා යැයි නැන්දම්මාට දොස් පවරා ඇති ලේලියකට වෙලා තියෙන්නේ හරිම වැඩක්.. මේ කියන්න යන්නේ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙන ඒ සිද්ධිය ගැන ඇසෙන කතාවක්..

කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයක තිදරු පියෙකු ඉකුත් දා අසනීප තත්ත්වයක් උත්සන්න වීමෙන් මිය ගොස් තිබුණා.. මෙම තිදරු පියාගේ වැඩිමල් පිරිමි දරුවා මීට වසර 8 කට පමණ ඉහතදී ගෙනා යෝජනාවකට මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුගේ දියණියක කරකාර ගෙන තිබුණා.. මෙම නිවසේ මනාල යුවළ සමග මනාලයාගේ මව්පියෝ ද පදිංචිව සිටියා..

ඉකුත් දා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මනාලයාගේ පියා මිය ගියා.. පසුව මරණය සම්බන්ධයෙන් මනාලිය විදුහල්පති පියාට ද දැනුම් දුන්නා… පසුව විදුහල්පතිවරයා සිය බිරිඳ බාල අවිවාහක පිරිමි දරුවා සමග පසු දා කාර් රථයෙන් අවමංගල්‍ය නිවසට පෙරවරුවේ පැමිණියා..

මිය ගිය තිදරු පියාගේ අවසන් කටයුතු එදින සවස 6 ට කෑගල්ලේ දී සිදු කෙරුණා… මිය ගිය ඥාතියාගේ අවසන් කටයුතු අවසන් වනතුරු රැඳී සිට ඇති විදුහල්පතිවරයා බිරිඳ හා බාල පිරිමි දරුවා නිවසට යාමට නොහැකිව රෑ බෝ වී තිබුණා.. “තාත්තේ දැන් ගෙදර යන්න එපා හොඳටම රෑ වෙලා තියෙන දෙයක් කාලා බිලා හෙට උදේ ගෙදර යන්න”‍ යැයි දියණිය මව්පියන් හමුවේ පැවසුවා.. මව ද ඊට කැමැත්ත ප්‍රකාශ කර එදින දියණියගේ නිවසේ නතර වුණා..

පසුව විදුහල්පතිවරයා අසල්වැසියන් කිහිප දෙනෙකු සමග එකතු වී අසල්වැසි නිවසක ගමේ නිෂ්පාදනය කරන මත්පැන් වීදුරුවක් දෙකක් පානය කර පාන්දර 1 පමණ නිවසට පැමිණ තිබුණා… ඒ වන විට නිවසේ කිහිප දෙනකු හැර සෙසු පිරිස තැන් තැන්වල නින්දට වැටී තිබුණා… විදුහල්පතිවරයාගේ බිරිඳ ද බාල සහෝදරයා ද ඒ වන විට දියණියගේ කාමරයේ නින්දට වැටී තිබුණා…

පිළියෙළ කර තිබුණු කෑම කා ඇති විදුහල්පතිවරයා ද මුල්ලක දමා තිබුණු පැදුරු කඩමල්ලක් ගෙන සාලයේ දමාගෙන නින්දට වැටුණු අතර, අලු‍යම විදුහල්පතිවරයාගේ දියණිය නැගිට සිය පියා සිටින්නේ කොහෙ දැයි සොයා බැලුවා.. පැදුරු කඩමල්ලක් බිම දාගෙන සිය පියා නිදාගෙන සිටින අයුරු දැක ඇති දියණිය කුස්සියේ තේ සාදමින් සිටි නැන්දම්මා අසලට දිව ගියා.. “අම්මේ ඇයි අපේ තාත්තාට පැදුරු කඩමල්ලක් දුන්නේ නිදා ගන්න. තාත්තා ලොකු ඉස්කෝලයක ප්‍රින්සිපල් කෙනෙක්. ඇඳක් හොයලා බලලා දෙන්න තිබුණා. මේසන් වැඩ කරන අය ඇඳන් උඩ බුදි.” ලේලිය හුස්ම නොගෙන කියාගෙන කියාගෙන ගියා..

“මම පැදුරක් දුන්නේ නෑ දුවේ. පල්ලෙහා මාමාගේ ගෙදර ගිහිල්ලා කසිප්පු බීලා ඇවිල්ලා තියෙනවා. කසිප්පු බීපු එක උඹට ලැජ්ජා නැද්ද. කීයට ගෙදර ආවා ද කියලා මම දන්නේ නෑ. උඹ මට බනින්න එපා. උඹේ අම්මාට තාත්තාට මම එන්න කිව්වේ නෑ. උඹ ඒ අයට එන්න කිව්වා නම් කන්න බොන්න දීලා නිදා ගන්න තැනක් දීම උඹේ වැඩක් මට දොස් කියන්න එපා..” යැයි මහ හයියෙන් නැන්දම්මා පැවසුවා.. පසුව ලේලිය කට වහගෙන කුස්සියෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා..

Previous articleබර අඩුකරගන්න ජිම් යන්න ඕනි නැ… මෙන්න නියම ක්‍රමේ.. පැය 16ක් නොකා සිටීමෙන් වෙන දේ..
Next articleලෙඩ රෝගවලට දවසගානේ බෙහෙත් බොන ඔයා මෙන්න මේ දේවල් ගැන දැනගන්න එක නම් වැදගත් වේවි..
error: Content is protected !!
Verified by MonsterInsights