Home දේශිය පුවත් මගේ මුදල් නැති වුණා වෙන්න පුළුවන්, නමුත් මගේ ජීවිතේ බේරුණා.” පෙර කල...

මගේ මුදල් නැති වුණා වෙන්න පුළුවන්, නමුත් මගේ ජීවිතේ බේරුණා.” පෙර කල පිනකින් එයාර් ඉන්දියා ගුවන් යානය මගහැරුණු භූමි කී කතාව

0
76

මේ එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් භූමි චෞහාන් කියන කතාව.

පසුගිය බ්‍රහස්පතින්දා දහවල්, තම ගුවන් ගමන මග හැරීම ගැන 30 හැවිරිදි භූමි චෞහාන් සිත්තැවුලට පත්ව සිටියා.

එහෙත් පසුව ඇයට ඒ ගැන කෘතඥතාව පළ කරගත නොහැකි තරම් විය.

ඇයට මග හැරුණු ගුවන් යානය වූයේ බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයෙන් ගුවන්ගත කර මද වේලාවකට පසු පුද්ගලයින් 242 දෙනෙකු සමග කඩා වැටුණු ලන්ඩන් බලා පියාසර කළ Air India ගුවන් යානයයි.

ගුවන් යානය වෙත පැමිණීම සඳහා චෞහාන් ගුජරාටයේ ඇය උපන් නගරය වන අන්ක්ලේෂ්වර් සිට මහා මාර්ගය ඔස්සේ ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

“අපි අහමදාබාද් නගරයට හරි වේලාවට ආවා, ඒත් නගරයේ තිබ්බ තදබදයත් එක්ක මම ගුවන් තොටුපළට ගියේ විනාඩි පහක් ප්‍රමාද වෙලා. මට ගුවන් තොටුපළට ඇතුළු වෙන්න අවසර ලැබුණේ නැහැ,” චෞහාන් බීබීසීයට පැවසීය. “මුලදී, මගේ ටිකට් එකට ගිය සල්ලි නැති වෙච්ච එක ගැනයි, මගේ රැකියාව අහිමි වෙන්න පවා ඉඩ තිබීම ගැන මං කලබල වුණා. නමුත් දැන්, මම කෘතඥ වෙනවා… මගේ මුදල් නැති වුණා වෙන්න පුළුවන්, නමුත් මගේ ජීවිතේ බේරුණා.”

අධ්‍යාපන කටයුතු සඳහා මුලින් ම එක්සත් රාජධානියට ගිය භූමි, වසර දෙකකට පෙර බ්‍රිස්ටල්හි බැංකු නිලධාරීයෙකු වන කෙවාල් චෞහාන් සමග විවාහ විය.
උපුටා ගැනීම – බී.බී.සී සිංහල

Previous article“මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියලා නිතරම කීවා…” රටක් හඬවමින් හදිසියේම නිවී ගිය රජවක විද්‍යාලයේ සිසුවාගේ ආච්චි කී කතාව
Next article‘අනුශූරතාවය ලංකාවට අරන් එන්න මම මහන්සි වුණ විදිය දන්නේ මමයි මගේ වයිෆ් විතරයි’ – ලක්මවට කීර්තියක් ගෙන ආ ඔහු කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights