Home Uncategorized මොනවා කළත් දියුණුවක් නැද්ද? එහෙනං ‌ගෙදර මිදුලේ මේ දේවල් තියෙනවද බලන්න…

මොනවා කළත් දියුණුවක් නැද්ද? එහෙනං ‌ගෙදර මිදුලේ මේ දේවල් තියෙනවද බලන්න…

0
76

 

 

ඔබගේ ගෙමිදුලේ ගස් ගෙවත්තේ සුන්දරත්වය වැඩිදියුණු කරනවා පමණක් නොව නිවසට සිරියාවත් එක් කරනවා.

නමුත්, ඇතැම් ගස් සහ මල් ඔබ නොදැනුවත්වම ඔබව දුකට පත් කරන බව දැන සිටියාද?

* කුමන ගසක් ගෙමිදුලේ රෝපණය කළ ද ප්‍රධාන උළුවස්සට ලම්භකව නොතිබිය යුතුයි. නිවස තුළට හමා එන සුළඟ බාධාවකින් තොරව ප්‍රධාන උළුවස්ස තුළින් නිවසට ඇතුළු විය යුතුයි. මෙය වාස්තු විද්‍යා රීතියකි. එහෙත්, නිවසේ උස මෙන් දෙගුණයක් දුරින් කුමන ගසක් තිබුණ ද ඉහත රීතිය මෙයට බලනොපායි.

* අඹ, කොට්ටං, උගුරැස්ස වැනි ගසක් ඔබගේ ගෙමිදුලේ තිබුණහොත් ඒවා ඵල දරන කාලයට රාත්‍රි කාලයේ වවුලන්, දිවා කාලයේ කපුටන්, ලේනුන්, කුරුල්ලන් ආදී සතුන් කා දමන ලද හප වැටෙන්නේ ගෙමිදුලටය. මෙසේ වීම එම නිවැසියන් දුප්පත්වීමට හේතුවේ.

* නිවස මිදුලේ ලොකු ගසක් තිබීමෙන් එම මිදුල අන්ධකාර වේ. එසේම නිවස තුළ මෙය නිසා අඳුරු බවක් ඇති වේ. භූත දෝෂවලට මෙය අත වැනීමක්. මෙය නිසා එම නිවසට භූත බලපෑම් ඇතිවේ. මෙය නිවැසියන්ට රෝගාබාධ ගෙන දීමට හේතුවේ. රුක්අත්තන, නුග, ගොරකා ගස් මේ සඳහා විශේෂයි.

* නිරෝගී දවසකට හිරු එළිය සහ වාතාශ්‍රය අවශ්‍ය බව සෞඛ්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. නිවස ඉදිරිපිට විශාල ගසක් තිබීමෙන් ඒ නිවසේ නිතර තෙතමනය රඳා පවතී. වැඩිහිටි, කුඩා ළමයින්ට මෙය තදින් බලපායි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරයි. මෙයින් ලෙඩ රෝග බෝවේ. මෙය නිසා විශාල ගස් නිවසට ලෙඩ කාරකය. මෙය නිසා අසුබය.

* පරිසරයේ පවතින සුබ තරංග රැසක් නිවස තුළට ඇදේ. එමගින් නිවැසියාගේ සමෘද්ධිය සහ දියුණුව උදාවේ. මෙසේ මිදුලේ ලොකු ගසක් ඇත්නම්, මේ සුබ තරංග නිවස තුළට යෑම අවහිර වේ. මෙය තුළින් නිවැසියාගේ සමෘද්ධිය, දියුණුව ඇති නොවේ.

* අඹ, ජම්බු වැනි අධික ඵල දරන ගස් ගෙමිදුලට අසුබය. අඹ ගසේ ගෙඩි හටගන්නා කාලයට පිරිමි දරුවන් මුරණ්ඩු වන අතර ජම්බු ගස්වල ඵල දරන කාලයට ගැහැණු ළමයි මුරණ්ඩු වනවා පමණක් නොව තරුණ වයසේ අයෙක් නම්, හිතුවක්කාරකම් ඇතිකරගෙන නිවසින් පැන යෑමට පවා හේතුවේ.

* පතොක් වර්ග, ඉඹුල්, වරා, කෑල, අරලිය මෙම ගස් ගෙමිදුලට අසුබය. කිරි ගස් වන බෝ ගස සහ නුග පිළිවෙලින් බටහිර, නැගෙනහිර දිසාවලට ගැලපේ. කිරි ගස් වශයෙන් සැලකෙන මී අඹ සහ වෙනත් අඹ වර්ග ඵල දරන ගස් බැවින් නිවසේ ඉදිරිපිටට අසුබයි. වැටකේ, ගෙමිදුලට සුබයි. කොස් ශාකය ද කිරි වෘක්ෂයක් බැවින් ඕනෑම දිසාවකට හොඳයි. මල් වර්ග අතරින් කොබෝනීල, සුදු කටරොලු, දෑසමන්, ඉද්ද, සේපාලිකා, තද කහ පාට මල් පිපෙන ශාක, රතු පාට මල් පිපෙන ශාක නිවස ඉදිරිපිටට අසුබය. වෙනත් පැත්තකට වරදක් නැත.

* නාගවල්ලිය, පිහිඹියා, බුලත්, වැටකේ අලංකාරයට කදිමයි. සාමාන්‍යයෙන් නිවසේ නිරිත දිසාවේ උසට වැඩෙන ගස් මල් වැටවල් ආදිය ද, ඊසාන පැත්තේ උසට නොවැඩෙන අතුපතර විහිදී නොයන ගස් සිටුවීම යහපත්ය.

මෙසේ ඔබගේ ගෙමිදුලේ අසුබ යැයි සම්මත ගස් ඇත්නම්, ඒවා කපා ඉවත් කිරීමට ඉක්මන් නොවන්න. ගස් කොළන් පරිසරයට විශාල මෙහෙවරක් ඉටුකරයි.

මෙය නිසා අසුබ ගස ආසන්නයේ අශෝකා, කොහොඹ, මූණමල්, කොස්, බෙලි පොල් ආදී ශාක වර්ගයක් සිටුවීමෙන් දෝෂ සම්පූර්ණයෙන්ම මගහැරී යනු ඇති.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

Previous article“අද…මම එක දෙයයි ප්‍රාර්ථනා කෙරුවෙ, මේ සසරෙ කොහේදි හරි අපි ආයෙ හම්බවෙමු මගේ ආදර පොඩි අයියේ…” සුදත් ඇන්තනී සංවේගයෙන් තැබූ සටහන…
Next articleපිරිමින් වැඩියෙන්ම ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්ගේ මේ දේවල්වලටයි කියලා ඔයාලත් දැන සිටියාද ?
error: Content is protected !!
Verified by MonsterInsights