පසුගියදා (ජුනි 10) නිමාවට පත්වුණු, Manhunt International – 2025 තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත්කම් දැක්වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ පියුමාල් සිතුම්.
තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදී.
Manhunt International තරගාවලිය මෙවර පැවැතියේ, එහි 23 වන සංස්කරණය හැටියට.
තරග ජයග්‍රහණයෙන් පසුව පියුමාල් සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා.
ඒ, මෙම ආඩම්බරකාර ජයග්‍රහණය පිටුපස ඉන්න සුවිශේෂී චරිතයක් ගැන….
”23 වන Manhunt International තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට අරන් එන්න මම මහන්සි වුණ විදිය දන්නේ මමයි මගේ wife විතරයි.
මම මාව විශ්වාස කරා හැබැයි මගේ wife මටත් වඩා මාව විශ්වාස කරා කියල මම හිතනවා.
මොකද මේ තරගයට මම තරගවදිනව කියපු දවසේ ඉදන් අවසන් මොහොත දක්වා ඇය කරපු කැපකිරිම් මට මේ වෙලාවේ සටහන් කරන්න අපහසුයි.
මම දන්නා පරිදි මේක ඓතිහාසික ජයහ්‍රහණයක්. මෙම තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ජයග්‍රහණය තමයි මා අත්පත් කරගන්නේ.
Digital challenge එකේ හොදම swim wear award එක සහ මුලු තරගයේම digital challenge overall winner වෙන්න තිරයෙන් පිටුපස හිටපු , කැලුම් අයියවත් චරක සර් , මගේ wife සහ ඔයාල ඔක්කොටම අයිතියි. මොකද ඒ විඩියෝ එක බලල ,comment කරල like කරපු නිසා තමයි මට එක ලැබුනේ. ඒක අයිති ඔයාලට.
ජාත්‍යන්තර වේදිකාවක ජය ශ්‍රී ලංකාවට අරන් එන්න මම හීන දැක්කා.
රටේ නම අද ලෝකයටම මතක හිටින්න දෙයක් කරන්න පුලුවන් වීම ගැන මා නිහතමානිව ආඩම්බර වෙමි”
පියුමාල් එහෙම කියද්දි, ඔහුගේ ආදරණීය බිරිඳ යමීෂාටත් කියන්න කතාවක් තිබුණා…..
”පියුමාල් මට මුලින්ම ආදරෙයි කිව්ව දවසේ මම ඇහුවේ ඒ ඇත්තම ආදරයක්ද, මාව ආදරෙන් බලාගන්නවද කියලා මොකද මට පොඩි කාලේ ඉදන් තාත්තාගේ හරියට ආදරයක් හම්බවුනේ නැති කෙනෙක්.
මම හැමදාමත් හොයපු ආදරය මට ඊටත් වඩා එයා දුන්නා පියුමාල්ගේ ජයග්‍රහනයත් එක්ක ගොඩක් අය මටත් wish කලා මම හැමදේකදිම එයාගාව හිටපු නිසා, එයා මේකට කැපවුන හැටි දන්නේ එයයි මමයි විතරයි.
මං කලේ මගේ යුතුකම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි ඉබේම වෙන දෙයක්. ඒක ගොඩක් අයට ලොකු ආදර්ශයක් වෙලා තියනවා දැක්කම ඇත්තටම සතුටුයි. ඇත්ත ආදරය ලග කරන්න බැරි දෙයක් නැ.
මේකට අපි ලෑස්ති වුනේ පරදින්න නෙමෙයි, මුලු ලෝකයක් ඉස්සරහ අපේ පුංචි රටට ලොකු කීර්තියක් අරන් එන්න මටත් පුලුවන් හැමදේම කලා මගේ ආදරය වෙනුවෙන්, මගේ මහත්තයා, මගේ පවුල වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ. තමන්ට මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනාට අවන්ක වෙන්න ඔයාටත් කවදාවත් වරදින්නෑ.”
උපුටාගැනීම : Piyumal sithum සහ Yameesha Rasadi ෆේස්බුක් පිටුවෙන්
