රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකුට පහර දුන්නේ යැයි කියන ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් හත්දෙනා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (18) නියෝග කළා.
බන්ධනාගාර නිලධාරීන් විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණ ද අගතියට පත් සාක්ෂිකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති හෙයින් හඳුනා ගැනීමේ පෙරට්ටුව කල් තබා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
නිරූපණ ශිල්පිනියගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස තුනකට ඉහතදී යතුරුපැදියක යමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර එම සිද්ධියෙන් පසු පැමිණි නිරූපණ ශිල්පිනියගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් මෙම විමර්ශන සිදු කෙරේ.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අචිනි උමයංගනා සහ නීතිඥ ඉමාශි සේනාධිර මහත්මිහු පෙනී සිටින ලදී.
#ChannelE











