Home සයුරෙන් එහා පුවත් “ඌ හැමදාම සුදු බිත්තර දැම්මේ, නමුත් සඳුදා නිල් බිත්තරයක් දැම්මා” – කිකිළියක්...

“ඌ හැමදාම සුදු බිත්තර දැම්මේ, නමුත් සඳුදා නිල් බිත්තරයක් දැම්මා” – කිකිළියක් ‘නිල් බිත්තරයක්’ දාලා…

0
60

 

මිනිස්සුන් නව බිලිඳෙක් ඉපදෙන තුරු උද්යෝගයෙන් බලා සිටිනවා සේම, කර්ණාටක ගම්මානයක පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් කිකිළියක් බිත්තරයක් දමන තුරු දැන් බලාපොරොත්තු සහගත ව සිටිනවා.

පශු වෛද්‍යවරු කිකිළියෙකු බිත්තරයක් දමන තෙක් බලා සිටීම අමුතු දෙයක් ලෙස පෙනුණද ද, එයට හේතුව නම් මෙම කිකිළිය අසාමාන්‍ය වීම යි.

හේතුව මෙම කිකිළිය ‘නිල් පැහැති බිත්තරයක්’ දමා එහි හිමිකරු පුදුමයට පත් කර තිබීමයි.

“මම අවුරුදු දෙකකට කලින් පොඩි කිකිළි පැටියෙක් ගත්තා. පහුගිය සෙනසුරාදත් ඌ සුදු බිත්තයක් දැම්මා. පහුගිය කාලේම වගේ සාමාන්‍යයෙන් ඌ හැමදාම සුදු බිත්තර දැම්මා, නමුත් සඳුදා ඌ නිල් බිත්තරයක් දැම්මා,” ඔහු පවසනවා.

“මේ ආරංචිය විශ්වාස කරන්න අමාරුයි,” කර්ණාටක පශු වෛද්‍ය සත්ව හා ධීවර විශ්වවිද්‍යාලයේ කුකුළු පාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය මොහොමඩ් නදීම් පවසනවා.

“මිනිසුන්ට මේක විශ්වාස කරන්න අමාරු වෙන්න හේතුව තමයි මධ්‍ය ප්‍රදේශ් වනාන්තරවල කළු කිකිළියන් දමන බිත්තර වගේ මේ බිත්තරය සම්පූර්ණයෙන් ම සුදු, දුඹුරු හෝ කළු නොවීමයි.” මහාචාර්ය නදීම් ෆෙරෝස් පවසයි.

ඔහු පවසන්නේ කිකිළියන් ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ඇති බව යි: එනම් අසීල් වැනී ආසියානු අභිජනනය, කොර්නිෂ් ලෙස හඳුන්වන ඉංග්‍රීසි අභිජනනය, සුදු බිත්තර දමන ලැරිස් ලෙස හඳුන්වන මැද පෙරදිග අභිජනන සහ ඇමරිකානු අභිජනනය එම වර්ග හතර යි.

“නමුත් මේ නිල් බිත්තරය දුර්ලභ හා අද්විතීය අවස්ථාවක්, එය ඉන්දියාවට අසාමාන්‍ය දෙයක්,” ඔහුන් පවසනවා.

“අපි දැන් මේ කිකිළිය නිරීක්ෂණය කරනවා, ඒ ගැන දෙපාර්තමේන්තු නිලධාරීන්ට වාර්තාවක් යවනවා,” ඔහු වැඩිදුරටත් පවසනවා.

“කිකිළියකගේ අක්මාව ‘බිලිරුඩින්’ ලෙස හඳුන්වන පිත වර්ණකයක් නිපදවනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් පිටතට ඇවිල්ලා බිත්තර කටුවට ඇලී තිබුණොත්, ඒ නිසා බිත්තරයේ වර්ණය වෙනස් වෙනස් වෙන්න පුළුවන්.”

“මෙය තහවුරු කර ගැනීම සඳහා අපට කිකිළිය කීප වතාවක් පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. මේ කිකිළිය අපි ඉස්සරහ ම බිත්තරයක් දාන එකත් වැදගත් වනවා. එතකොට විතරයි අපට මේක තහවුරු කරන්න පුළුවන්,” වෛද්‍ය අශෝක් පවසයි.

Previous articleටක්ගාලා සීනි බහින සුපිරි බෙහෙතක් මෙන්න
Next articleපණ්ඩිත් අමරදේව අසපුවට මොකද වුණේ..? අළු තැන්පත් කළෙත් මිය ගිහින් වසර 7 කට පසුව..!
error: Content is protected !!
Verified by MonsterInsights