Home දේශිය පුවත් “ඇය මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…” එංගලන්තයේ දී නිරෝධාට අත් වූ අවාසනාවන්ත...

“ඇය මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…” එංගලන්තයේ දී නිරෝධාට අත් වූ අවාසනාවන්ත ඉරණම ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න…

0
78

 

 

බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ කාඩිෆ් නුවරදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අදාළ කාන්තාව ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙලෙස මරණයට පත්ව ඇත්තේ නිරෝධා කල්පනී නිවුන්හැල්ල නම්, 32 හැවිරිදි කාන්තාවක්.

පසුගිය අගෝස්තු 21 වන බ්‍රහස්පතින්දා උදෑසන 7:37 ට පමණ කාඩිෆ් නගරයේ, රිවර්සයිඩ් ප්‍රදේශයට අයත් සවුත් මෝගන් ප්ලේස් හිදී බරපතල තුවාල ලබා සිටියදී ඇයව සොයා ගැනීමෙන් පසු හදිසි සේවා ඒකක එම ස්ථානයට කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, වෛද්‍ය කණ්ඩායම් දැඩි උත්සාහයක් දැරුවද, ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ අතර, එම ස්ථානයේදීම ඇය මියගිය බව පොලීසිය තහවුරු කර සිටියා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිසර වීරගලගේ නැමැත්තාටය.

මොහු මියගිය නිරෝධා හා සමීපව ඇසුරු කළ අයෙකු බවට වාර්තා වන අතර ඔහු ඝාතනයට සැකකරන නමුත් හේතුවක් තවම අනාවරණය නොවේ.

සිද්ධියෙන් අනතුරුව ස්ප්ලොට් ප්‍රදේශයේ සීවෝල් මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මිනීමැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ඔහු ඊයේ දින කාඩිෆ් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

hiru gossip

Previous articleආදරණීය මාලිනිය වියෝ වී තෙමසයි.! මාදිවෙල නිවෙසේ පැවති පිංකම… – photos
Next articleහිමිකම් නොකියූ ඉඩමක් දැක තමන්ගේම රටක් පිහිටුවා ගත් පිරිමි ළමයෙක් ගැන ඇසෙන ලොවක් මවිත කරවන පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights