Home Uncategorized අතීතයේ සිටම ස්ත්‍රී මායම් ගැන කතා කරනවා … එත් හුඟාක් අය පිරිමි...

අතීතයේ සිටම ස්ත්‍රී මායම් ගැන කතා කරනවා … එත් හුඟාක් අය පිරිමි මායම් ගැන දන්නේ නැහැ… ගැහැණු වශී කරන පිරිමි මායම් මෙන්න …

0
92

 

 

හැබැයි ඒ කාලේ ඉඳලම ස්ත්‍රීන්ගේ මායම් ගැන ප්‍රසිද්ධ වුනා මිසක්,පිරිමින්ගේ මායම් ගැන නම් කව්රුවත් කතා කළේ නෑ.

ඒ ස්ත්‍රීන් උපතින්ම සියුමැලි,ළඳබොළඳ,සුකුමාල නිසා වෙන්න ඇති. ඒ නිසාම ස්ත්‍රීන්ගේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා ඇති අංග වල ලක්ෂණ සොයා බලන්න කව්රුත් උනන්දු වුණා. මේ විදිහට හොයා ගත්තු ස්ත්‍රී මායම් 64ක් තියෙනවා වගේම,පුරුෂ මායම් 21ක් තියෙනවා. ඉතිං අද කතා කරන්න හදන්නේ ඒ ගැනයි…

අපි කාටත් ජීවිතේ මුණ ගැහිලා තියෙන එක එක පිරිමින්ගේ 21ක් මායම් මෙන්න මේ විදිහට අපි කව්රුත් අත් දැකලා ඇති.කියවලා බලන්නකෝ…

1. උඩුතොල පෙරළා යටිතොල පෙන්වීම.
2. ස්ත්‍රීන්ට පෙනෙන්නට යහළුවන් සමග උසුළු විසුළු වැඩිපුර කිරීම.
3. ස්ත්‍රිය දෙස අනුරාග ලෙස බැලීම.
4. වෙනත් යුවතියක සමඟ කතා කරන බව තමන් කැමති ස්ත්‍රියට හැඟවීම.
5. ඇහි බැම හකුළුවා බැලීම.
6. කැමති යුවතිය කියන දේ අසා සිටීම.
7. තම හිසකෙස් අතින් පිරිමැදීම.
8. ඇඳ ඇති ආභරණ හඬ නැගෙන සේ සෙලවීම.
9. සිරුර ඇඹරීම.
10. ඉතා සෙමින් නොදන්නා කෙනෙකු මෙන් ස්ත්‍රිය සමඟ කතා කිරීම.
11. තම අදහස් කෙලින් නොකියා වහෙන් ඔරෝ කීම.
12. ස්ත්‍රියට පෙනෙන්නට කුඩා දරුවෙකු සුරතල් කිරීම.
13. ස්ත්‍රියගේ උකුලෙහි ඇති දරුවා තම අතට ගෙන සුරතල් කිරීම.
14. ළඟ සිටින මිතුරා සමග දෙපිට කැපෙන වචන කීම.
15. මිතුරෙකුට හේත්තු වී ඇනුම් අරිමින් නිදිබර ගතිය පෙන්වීම.
16. ස්ත්‍රියට ඇසෙන සේ කාම ශාස්ත්‍රය වාද කිරීම.
17. ස්ත්‍රිය ගේ මිතුරියන් සමග වඩාත් කිට්ටු වීම.
18. ළදරුවන්ට සෙල්ලම් බඩු දී නැවත ගැනීම.
19. ස්ත්‍රිය යන එන සමුහ ගමන්වලට සම්බන්ධ වීම.
20. ස්ත්‍රියට ඇහැක් ගසා අහක බලා ගැනීම.
21. තමා කැමති ස්ත්‍රිය ගැන සැලකිල්ලක් නැති බව ඇයට ඇඟවීම
උපුටාගැනීමක්

Previous articleකාපු බීපු දේ උගුරට එන අසීරු ලෙඩේ ඔයාටත් තියෙනවාද?
Next article“අද…මම එක දෙයයි ප්‍රාර්ථනා කෙරුවෙ, මේ සසරෙ කොහේදි හරි අපි ආයෙ හම්බවෙමු මගේ ආදර පොඩි අයියේ…” සුදත් ඇන්තනී සංවේගයෙන් තැබූ සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights