Home සයුරෙන් එහා පුවත් නව වසර උදාවූ පළමු රට… 2026 පිළිගත් හැටි…

නව වසර උදාවූ පළමු රට… 2026 පිළිගත් හැටි…

0
402

2026 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට ලොව පුරා රටවල් මේ වන විට සූදානමින් සිටිනවා.

ඒ අතරතුර රටවල් කිහිපයකට මේ වන විට නව වසර උදා වී තිබෙනවා.

2026 නව වසර පළමුව උදා වූයේ දුරස්ථ පැසිෆික් රාජ්‍යයක් වන කිරිබාති දිවයිනටයි.

නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාවද 2026 නව වසර උත්සවශ්‍රීයෙන් පිළිගෙන තිබෙනවා.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති දැවැන්ත ගිනි කෙළි සංදර්ශනයකින් නව වසර පිළිගෙන තිබෙනවා.

සිඩ්නි ඔපෙරා හවුස් ඇතුළු සිඩ්නි නගරයද වර්ණවත් ගිනි කෙළි රටාවලින් ආලෝකමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ටොංගා වැසියන්ද සාමය, බලාපොරොත්තුව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නව වසර පිළිගෙන තිබෙනවා.

රුසියාවේ ඇතැම් ප්‍රදේශවලටද නව වසර උදා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

පැසිෆික් කලාපයේ තවත් රටවල් කිහිපයකට මේ වන විට 2026 නව වසර උදා වී තිබෙනවා

Previous articleඇය ආයෙත් තනිකමට හුරු වෙලාද..? සුරූපී නිලි දුෂේනි ගැන මේ ඇසෙන කසුකුසුව මොකක්ද..?
Next article2026 නව වරස පිළිගන්නට සූදානම් වුණු ඔවුන්.. ඔබ ආදරය කරන කලා තරු එක්කළ සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights