Home සයුරෙන් එහා පුවත් යුද උණුසුම මැද අගමැති පුතුගේ විවාහයත් කල්‍ යයි…

යුද උණුසුම මැද අගමැති පුතුගේ විවාහයත් කල්‍ යයි…

0
36

ඉරානය සමඟ උත්සන්න වී ඇති ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය කල් දමා ඇති බව වාර්තා වෙනවා.

නෙතන්යාහුගේ පුත් අව්නර් නෙතන්යාහු ලබන සඳුදා ඔහුගේ සහකාරියවන අමිත් යාර්ඩෙනි සමඟ විවාහ වීමට නියමිතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තවමත් ගාසා තීරයේ රඳවා සිටියදී, නෙතන්යාහු පවුල මෙලෙස සැමරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක් හෙළා දැකීමත් සමඟ මෙම විවාහ උත්සවය මතභේදයට තුඩු දී තිබූ අතර පසුව විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Previous articleරටම සෙවූ ඉෂාරා ගැන අලුත්ම ආරංචිය…
Next articleලොවම කැළඹූ ගුවන් යානා අනතුරට හේතුව… දෙවැනි කළු පෙට්ටියත් සොයා ගැනේ…
error: Content is protected !!
Verified by MonsterInsights