ඉන්දියුස්ත්‍රික ශාස්ත්‍රයට අනුව අත්ල පරීක්ෂා කිරීමේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීම වගේම අත්ලේ පිහිටීම ගැනද පරීක්ෂා කිරීම වැදගත් වේ. අතේ ඇඟිලි පහ එකට එක සමාන නොවනවා සේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇඟිලිවල ස්වභාවය හා ප්‍රමාණයන්ද සමාන නොවේ. එමගින් ඔවුන්ගේ ජීවිත රහස් බොහෝ දුරට හෙළි කර ගත හැකිය.
මහපට ඇඟිල්ල
ඇඟිලි අතරින් විශේෂ ස්ථානයක් මහපට ඇඟිල්ලට හිමිවේ. ශක්‍ර මණ්ඩලයෙන් ආරම්භ වන ශක්‍ර ග්‍රහයට අයත් යැයි සැලකෙන මහපට ඇඟිල්ල සමුද්‍රික ශාස්ත්‍රයේ විශේෂ අවධානයක් යොමු කර ඇත.
දැඩි ආත්ම ශක්තියකින් යුතු, කුමන ප්‍රශ්නයක් හමුවේ වුවද නොසැලී භාරගත් කාර්යය මනා ලෙස ඉටු කරන පුද්ගලයන්ට පහසුවෙන් නොනැමෙන මහපට ඇඟිල්ලක් පිහිටයි.
ඇතැම් අයට අතට සමාන නොවන තරම් කුඩා මහපට ඇඟිලි පිහිටයි. ඔවුන්ගේ කටයුතු ක්‍රමානුකූල නොව අවිධිමත්ය.
අලස ගති ඇති, ආහාරයට හා රසයට ගිජු වූ අයද වෙති.
අතට සමාන නොවන තරම් විශාල මහපට ඇඟිලි ඇති අය උසස් සිතිවිලි සහිත, ඥානයෙන් මෙන්ම බලයෙන්ද යුතු පුද්ගලයන් වෙති.
මහපට ඇඟිල්ලේ
- පළමු පුරුක – අධිෂ්ඨාන ශක්තිය
- දෙවන (මැද) පුරුක – ඥාන ශක්තිය, විචාර බුද්ධිය, තීරණ ගැනීමේ හැකියාව
- තුන්වන (මුල්) පුරුක – ආදරය, රසවින්දනය, අනුකම්පා
වංචා සහිත සිතිවිලි ඇති අයගේ මහපට ඇඟිල්ලේ මුල් පුරුක අනෙක් පුරුකවලට වඩා කුඩාය. සාධාරණ තීරණ ගන්නා අයගේ දෙවන පුරුක දිගුව පිහිටයි.
දර්ශක (තැඹිලි) ඇඟිල්ල
දර්ශක ඇඟිල්ල ශක්තිය, බලය, නායකත්වය, ආත්මවිශ්වාසය නියෝජනය කරයි.
එහි පළමු පුරුක දිගුව නම් චිත්ත ශක්තිය සහ නායකත්ව ගුණ වැඩි වේ.
දෙවන පුරුක දිගුව නම් ඉගෙනුම, විමසුම, ප්‍රඥාව වැඩි වේ.
අනෙක් අය පාලනය කිරීමට දැඩි කැමැත්තක් ඇති අයගේ දර්ශක ඇඟිල්ල දිගුව පෙනේ.
මැද ඇඟිල්ල
මැද ඇඟිල්ලෙන් නියෝජනය වන්නේ සංයමය, බරපතළත්වය, ධර්ම විශ්වාසය සහ විචාරශීලීත්වයයි.
පළමු පුරුක දිගුව නම් බරපතළ ගති ඇත.
දෙවන පුරුක දිගුව නම් වාසනාවන්ත බවක් ඇත.
මැද ඇඟිල්ලේ කොතැනක හෝ සලකුණක් තිබේ නම් හදිසි ධනලාභ ඇතිවිය හැකි බව සඳහන් වේ.
වෙද (අනමික) ඇඟිල්ල
කලාකාමී බව, කීර්තිය, සාර්ථකත්වය, ගෞරවය යන ගුණ මෙම ඇඟිල්ලෙන් නියෝජනය වේ.
දිගුව නම් කීර්තිය හා ප්‍රසිද්ධිය පිළිබඳ දැඩි ආශාවක් ඇත.
කෙටි නම් කලාකාමී අදහස් අඩුය.
සුළඟිල්ල (කුඩා ඇඟිල්ල)
සුළඟිල්ලේ හැඩය අනුව පුද්ගලයාගේ කතා කිරීමේ හැකියාව, බුද්ධිය, ව්‍යාපාරික දක්ෂතාවය සහ මනෝභාවය හඳුනාගත හැක.
දිගුව සහ සෘජුව පිහිටීම යහපත් ලක්ෂණයකි.
කෙටි නම් කතා කිරීමේ දක්ෂතාව අඩුවේ.
දිගුව නම් ව්‍යාපාරික හැකියාව සහ සන්නිවේදන දක්ෂතාව වැඩි වේ.
– හිඹුටානේ පියතිලක ද අල්විස් –










