Home සයුරෙන් එහා පුවත් මට සැලකුවේ පවුලේ කෙනෙක්ට වගේ..” ලොවක් කතාවෙන ජෝෂි පවුල ගැන සංචාරක මගපෙන්වන්නා...

මට සැලකුවේ පවුලේ කෙනෙක්ට වගේ..” ලොවක් කතාවෙන ජෝෂි පවුල ගැන සංචාරක මගපෙන්වන්නා දුලාජ් කියන කතාව…

0
126

මුළු ලෝකයම කම්පාවට පත් කරමින් ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරෙන් දිවි අහිමි වූ ඉන්දීය ජාතික වෛද්‍ය ප්‍රතික් ජෝෂිගේ දරු පවුල මුහුණ දුන් ඛේදවාචකය මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙනවා.

වෛද්‍ය ප්‍රතික් ජෝෂි මීට වසර හයකට පමණ කලින් එංගලන්තයට වෛද්‍යවරයකු ලෙස සේවයට යන්නේ ඔහුගේ පවුලේ අනාගතය ගැන හීන කන්දක් පොදිබැඳගෙන.

තමන්ගේ ආදරණීය දරු පැටවු තුන්දෙනාට ඉහළ අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන් සමාජයේ කැපී පෙනෙන චරිත බවට පත් කිරීම ඒ හීන ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නෙ ඇති.

වෛද්‍ය ජෝෂි අවුරුදු හයක් තිස්සේ තමන්ගේ දරු පවුල එංගලන්තයේ පදිංචියට ගන්න පුදුමාකාර වෙහෙසක් ගත්තා. අවසානයේ තම උත්සාහය ජයගත් ඔහු නැවත තම මව්බිමට යන්නේ දිගු කලක් තම බිරිඳ හා දරු තිදෙනාගෙන් වෙන්ව එංගලන්තයේ ගෙවූ ජීවිතය අවසන් කරමින්.

කෙටි නිවාඩුවකින් පසුව බිරිඳ හා දරු තිදෙනා සමග එංගලන්තයේ පදිංචියට යෑමට අවශ්‍ය සියලු පහසුකම් සූදානම් කරගත් වෛද්‍ය පෝෂි ඒ නිවාඩුව අතරතුර ශ්‍රී ලංකාවේ සංචාරයකටත් පැමිණියා.

එසේ පැමිණි ගමනේදී ශ්‍රී දළදා මාලිගාව වන්දනා කර ගැනීමෙන් පසුව ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් සිය මුහුණු පොතට එක් කිරීමට ද ඔහු කටයුතු කර තිබුණා.

වෛද්‍ය ප්‍රතික් පවුලේ සාමාජිකයින් සමග ඒ විදියට ලංකාවට එන්නේ 2024 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා.

එදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ කොළඹ, නුවර, නුවරඑළිය, ඇල්ල, යාල හා බෙන්තොට යන ප්‍රදේශවල දින 10ක් ගතකර ඇති අතර එම සංචාරයේදී ඔහුගේ පවුලට මග පෙන්වන්නා ලෙස කටයුතු කර තිබුණේ දුලාජ් තිලකරත්න.

Previous articleඉරාන – ඊශ්‍රායල ගැ ටුමේ ලෝක බලවතාගේ සහය කාටද ? මේ ඒ ගැන ඇසෙන පුවත…!
Next article“හීන සේරම මියැදුනා ” එක ඇසිල්ලකින් , අර අහිංසක දරු දෙදෙනාට තමන්ගේ තාත්තව නැති වුණා. සිය බිරිඳගේ අවසන් කැමැත්ත ඉටු කරන්න ආපු අර්ජුන් ගේ දුක්බරම ඉරණම් ගමන ඉන්දීය අහසේ ලියැවී තිබුණු හැටි…
error: Content is protected !!
Verified by MonsterInsights