Home දේශිය පුවත් ඇගේ මරණට ගැන මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ මෙවැන්නක්.. සියල්ලන් හඬවමින් දින 14කට පසු...

ඇගේ මරණට ගැන මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ මෙවැන්නක්.. සියල්ලන් හඬවමින් දින 14කට පසු අවසන් හුස්ම හෙළූ වෛද්‍ය මධාරා ගැන ඇසුණු ඒ කතාව මෙන්න..

0
95

ඇය හරිම ආදරණීය චරිතයක් වන්නට ඇති ඒකයි ඇගේ මරණය ගැන මේ තරම් දෙනා කනස්සල්ලට පත් වෙන්න ඇත්තේ..මවක් , ගෘහනියක් සේම තම යුතුකම් ඉටුකරන ගමන් ඇය තමන්ගේ වෘත්තියටත් විශාල කැපකිරීමක් කළ අයෙක් වුණා..

අපේ රටේ පොදු ප්‍රවාහන සේවා මීට වඩා කාර්‍යක්ෂම වුණානම්, මීට වඩා විමසිලිමත් වුණා නම් මේ වගේ තව ජීවිත කීයක් නම් අදටත් හුස්ම ගන්නවාද..? අනපේක්ෂිත මොහොතක ජීවිතයෙන් වන්දි ගෙවූ ඇය ගැන ඇසෙන ඒ කතාවත් එක්ක අපිට හිතන්න තව දේවල් බොහෝමයක් ඉතිරි වෙනවා..

ඇය මේ බස් රථයට ගොඩ වෙන්නේ සුපුරුදු ලෙසම එදත් තම රාජකාරිය නිමවා නැවතත් නිවසට යාමේ අරමුණු ඇතිවයි.. ඒත් ඇය අවසානයේ දින 14ක් ජීවිතය යදිමින් සටන් කරනවා.. ඒ මහමගදී සිදුවුණු ඒ හදිසි අනතුර නිසයි..

රත්නපුර, මොරගහයට, ලේන් කැටිය පාරේ පදිංචිව සිටි, පී. මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්.. තමන් රෝහලෙන් පිටව යන අවස්ථාවේ ඇය ගොඩවන්නේ බස් රථයටකයි..

මෙම වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී පෙරේදා පවත්වනු ලැබුවේ එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක හරීන්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් විසින්..

මෙම වෛද්‍යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩ කලපුව කොළඹ ප්‍රධානමාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානයය ආසන්නයේදී බස් රථයෙන් ඇද වැටී තිබුණේ ඉකුත් 19 වැනිදායි..

ත්‍රී රෝද රථයක් එක්වර මාර්ගය හරහා දැමීමට යෑමේදී බස් රථ රියදුරා තිරිංග තද කිරීමේදී වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී ගොස් පාරේ ඇද වැටී තිබෙන බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා..

source : Hiru News

Previous articleදිව ඔසුවක් බඳු කතුරුමුරුංගා.. මේ තරම් ලෙඩ ගොඩකට ගුණදායක බව ඔබත් දැනගෙන සිටියාද ?
Next articleඅනිත් රටවල් එහෙමයි. තනතුරෙන් ඉවත් වූ පසුව කුණු ලොරියක වැඩ කරන ස්වීඩන් නගරාධිපතිවරිය ගැන ඇසෙන පුදුම හිතෙන කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights