Home දේශිය පුවත් රටක් ආදරේ කරන ඉෂාක් වෙනුවෙන් අපේ පොලිස් නිල දරුවන් කල උතුම් පරිත්‍යාගයක්...

රටක් ආදරේ කරන ඉෂාක් වෙනුවෙන් අපේ පොලිස් නිල දරුවන් කල උතුම් පරිත්‍යාගයක් ගැන අද ඇසෙන කතාව

0
41

”ඉෂාක්ට කෝටියක්” මැයෙන් ඉෂාක් බෙග් මහතා වෙනුවෙන් ආරම්භ කරන ලද, සුවිශේෂී වැඩකටයුත්ත සඳහා ශ්‍රී ලංකා පොලීසිය ද මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.
මේ, එම කටයුත්ත පිළිබඳව චාමින්ද විමලසේන තබන ලද සටහනයි.

”ඉෂාක්ට කෝටියක්….
ශ්‍රී ලංකා පොලීසියට අපේ උපහාරය….
ශ්‍රී ලංකා පොලීසියේ බෞද්ධ සංගමය ප්‍රධාන කොට එහි සභාපති පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහා බෞද්ධ සංගමයේ ලේකම් DIG මා කල්‍යාණ මිත්‍ර මහින්ද දිසානායක මහතා ඇතුළු පොලීසියේ බෞද්ධ සංගමයේ සියල්ලගේ අනුමැතිය ඇතිව මූල්‍යමය පරිත්‍යාගයක් ඉෂාක් වෙනුවෙන් පරිත්‍යාග කලා…
විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසියේ බෞද්ධ සංගමයේ ලේකම්තුමන් මහින්ද මහතා මා අමතා ලංකාවේ බෞද්ධාගම වෙනුවෙන් සහා පොලීසිය විසින් සංවිධානය කල සියලු බෞද්ධ වැඩ සටහන් සදහා ඉෂාක් කිසිදු මුදලක් අය නොකර ඒවා සදහා සභාගීවී ගීත ගායනා කල බව සිහි කලේ ඉතාමත් ගෞරවයෙන්.
එමෙන්ම මොහිදීන් බෙග් මහතා බෞද්ධාගම වෙනුවෙන් කල සේවාව අගයමින් එතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ සියළු දෙනා කල මෙම පරිත්‍යාගය අප ඉතාමත් ඉහලින්ම අගයමු.
ගරු පොලිස්පති තුමනි…
ඔබ නියෝජනය කරමින් ඔබේ අනුදැනුම පරිදි මහින්ද මහතා ඇතුළු මුලුමහත් පොලීසිය කල
මේ උතුම් ක්‍රියාවට හිස නමා ආචාර කරමි…
ඔබ සැමට යහපතක්ම වේවා .!”

Previous articleමහාචාර්ය අශෝක දංගල්ල මහතාද පැමිණි හස්තියා නිරීක්ෂණය කරයි. භාතිය ඇතු ගැන ඇසෙන අලුත්ම ආරංචිය
Next articleහැමෝම හිතුවේ එදා ඔවුන්ගේ ජීවිතයේ ලස්සන දවස කියලා.. දසතින් ගලා ආ සුබපැතුම් මැද, තරින්දි කියන මේ කතාව මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights