තවමත් නිසි ලෙස පරීක්ෂණයක් ගවේෂණයක් නොකෙරුණු Uva Paranagama – ඌව පරණගම පිහිටි ලංකාවම ගොඩ දාන්න පුලුවන් හිල 🙊 ( එහෙම තමයි අටපට්ටමටත් කිව්වේ ) – ස්ත්රීපුර බිංගෙය
ස්ත්රීපුර උමග සංකීර්ණය යනු ඌවපරණගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි උමං සංකීර්ණයක් වේ. රාම – සීතා පුරාවෘතයට අනුව රාම කුමරු සීතා දේවිය රාවණා රජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ විවිධ ප්‍රදේශ තුලින් වාර්තා වේ.
රාවණා රජු විසින් ඉන්දියාවෙන් පැහැරගෙන එන ලදැයි කියනු ලබන සීතා දේවිය ආරක්ෂා සහිතව රඳවා තබන ලද්දේ ඌව පරණගම කිරවනාගම ප්‍රදේශයේ පිහිටි ස්ත්රීපුර කන්දේ ඇති බිංගෙයක බව පැවසේ.
ස්ත්රීපුර යනු ඌව පරණගම පිහිටි විශාල කන්දකි.මධ්‍යම පළාතත් ඌව පළාතත් මායම් කරන කන්දකි.ඌවපරණගම , මූදනාව , සපුගොල්ල , දොඩම්පාගල,ඇත්කඳවක හා කිරවනාගම යන ගම් ප්‍රදේශ වලින් මෙම කන්දට පිවිසිය හැක.කිරවනාගම ගමෙන් බිංගය අසලටම වාගේ වාහනයකින් ( බොහෝ දුරකට කොන්ක්‍රිට් කර ඇත.සාදා නැති දුර යාමට ෆෝ වීල් වාහනයකින් නම් වඩා පහසුය.මෙහි කඳු මුදුනට ගමන් කිරීමේදී අඩි 8-10 ක පමණ විශ්කම්භයකින් යුත් වංගු සහිත විශාල බිංග 3ක් පොළව මතුපිටින් දැක ගත හැක. ත්රිකෝණාකාරව පිහිටි මෙම බිංග 3න් 2ක් පස්වලින් වැසී පැවතීම නිසා ඇතුලුවීම තරමක් අපහසු වේ. නමුත් පැරැණ්නන් මෙම බිංග 3 ම තරණය කර ඇත.ගම්මුන්ගේ ආමන්ත්‍රණය අනුව ප්‍රධාන බිංගයට අමතරව අනෙකුත් බිංග දෙකට ” හිවල් බිංග ” ලෙස ද හැඳින්වේ.ඇතුලු විය හැකි ප්‍රධාන බිංගය තුල මඟක් ගමන් කිරීමේදී දෙපසට ගමන් කරන ප්‍රධාන භූගත මාර්ග 2 ක් හා ඇතුලත විවිධ දිශාවන් ඔස්සේ වූ භූගත මාර්ග පවතී. මෙම බිංග තුලින් කිලෝ මීටර ගණනක් දුරට පොලොව යටින් ගමන් කල හැකි වේ.දැන් ප්‍රධාන බිංගෙය වටාකොන්ක්රීට් ආවරකයක් යොදා ඇත.ඊට පෙර මුළු කන්දෙම වතුර බිංගෙය තුළට ගලා ගොස් තිබෙනවා.වැසි කාල වලදී බිංගේ ඇතුළට ගිය විට බිංගෙය ඇතුළේ ඇති දිය ඇල්ලකින් වතුර වැටෙන සේ ශබ්දය පවා ඇසී තිබෙනවා.නමුත් ලොකු වතුර පාරක් ඇතළට ගියත් පිට වෙන තැනක් නම් නෑ මේ වනතෙක් සොයාගෙන නැහැ.තවත් දෙයක් නම මෙම ප්‍රධාන බිංගෙයට මද දුරකින් එහා පැත්තේ සැලකිය යුතු වපසරියක වර්ග කිලෝමිටරයකට වගේ ආසන්නව පොලොව ( බිංගෙය පිහිටි පැත්තට දකුණ පස කන්දෙ පැත්තක් ) ගිලා බැස ඇත.එසේ ගිලා බැස ඇත්තේ වසර 2019 දී පමණය.අදත් එතැන ගිලා බැසූ ආකාරයටම ඇත.
මෙහි ඉතිහාසය සැලකීමේදි සීතා දේවිය ඇතුලු රාවණා රජුගේ අන්ත:පුර කාන්තාවන් 700 ක් මේ බිංගෙයෙහි රඳවා සිටි බව පැවැසේ. සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන සුන්දර මනා දියඇල්ල ස්ත්රීපුර කන්දට කි.මී. 3 පමණ දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. මෙම උමගෙහි එක් අන්තයක් මනා දියඇල්ල වෙත ගමන් කරන බව ගම්මු සදහන් කරයි.
මෙම ස්ථානයේ පර්යේෂණ හා ගවේෂණය කල බොහෝ දෙනා සදහන් කරන ආකාරයට රාම – සීතා පුරාවෘත්තයට නෑකම් කියන වලපනේ රාගල සහ බණ්ඩාරවෙල දෝව පන්සල තුල පිහිටා ඇති උමග මේ සමග සම්බන්ධ වෙන බව කියවේ.
අතීත කටකතා වලට අනුව ඉංග්‍රීසි ජාතිකයෙකු සහ බල්ලෙකු මෙම ප්‍රධාන බිංගෙය තරණය කොට ඇති අතර බිංගෙය මැද පිහිටි වැවක ගිලී ඉංග්‍රීසි ජාතිකයා මිය ගොස්ඇති අතර බල්ලා නුවර බෝගම්බර වැවෙන් මතු වූ යැයි පැවසෙන කට කතාවකි.ඉහත කී බිංගෙය මැද වැවෙහි ගල්පොත්තක සීතා දේවිය ඇතුළු කුමාරිකාවන් දිය නෑමට භාවිතා කළ ස්ථාන තිපෙන බවත් එකල සබන් වෙනුවට ඇඟ ගැල්වීමට භාවිතා කළ ද්‍රව්‍ය තැබීමට ගල්පොත්තේ ස්ථාන තිබු බවත් කටින් කට පැවත එන කතාවකි.විශ්වාසය අපහසු නමුත් එවැනි කට කතා ජන සමාජයේ ඇත.
මෑතකදී ජනප්‍රිය වූ පිකෝ ට්‍රෙල් සංචාරයේ එක් සංදිස්ථානයක් ලෙසට ස්ත්‍රී පුර බිංග හැඳින්විය හැකිය.නමුත් අදටත් පිකෝ ට්‍රේල් තරණය කරන්නන් ස්ත්‍රී පුර බිංග නරඹනවාද යන්න සැක සහිතය.
බිංග තුළ අධික කැරපොතු ගහණයක් ද වවුලන් ගහණයක් ද හුස්ම ගැනීමට අපහසු නොවන කළාපයේ වාසය කරයි.විදුලි එළි වලට එම සත්තුන්ගේ කලබල වීම් වලට සහ පියාඹන කැරපොත්තන්ට බය නොවේ නම් පමණක් ඔබට බිංගෙය තුළ යා හැක.ආරක්ෂක විධි විධාන යොදාගෙන බිංගෙය තරණය කළ යුතුය සහ ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුම ඇත්තන්ගේ සහයෝගයද ගත යුතු වේ.යන්න යන්නට ඇතුළේ ඔක්සිජන් හිග නිසා පන්දම් ආදිය නිවීමත් සිදුවේ.විද්‍යාත්මක පදනමක් නොමැති වුණත් අලුත්ම විදුලි පන්දම් ආදියත් ෆුල් චාර්ජ් කර රැගෙන ගිය විවිධ එළිත් ඇතළට යන්න යන්න ඒවායේ ආලෝකය අඩු වීම ගම්මු අත්දැක තිබේ.ඇතැමුන් නූල් ආදිය දිග ඇදගෙන බිංගෙය තුළට ගොස් තිබේ ඒවාද අතරින් පතර ඇත.
මායාකාරී අතුරු බිංගෙවල් වැරදි පාරවල් සහ අද්භූත ජනක හැඟීම් දනවන ඇතැම් ස්ථාන ප්‍රධාන බිංගෙය තරණයේදී ඔබට දැක ගන්නට ලැබේ.කුමාරිකාවන් හංගාගෙන සිටි බිංගෙයෙහි ආරක්ෂාව උදෙසා එලෙස තිබෙන්නට ඇතැයි උප කල්පනය කරන්නට පුළුවන.
බිංගෙය ගැන ඌව පරණගම ෆේස්බුක් පිටුවෙන් මීට කලකට ඉහතදී සිදුකළ වීඩියෝවක් පහත අමුණමි.
එය නරඹන්නටද ආරාධනා කරන්නෙමු.
සටහන උපුටාගැනීමකි