Home Uncategorized තම්බපු බිත්තර කහ මදේ වටේ මෙහෙම වෙන්නේ ඇයි..? බලන්නකෝ ඒවා ආහාරයට ගන්න...

තම්බපු බිත්තර කහ මදේ වටේ මෙහෙම වෙන්නේ ඇයි..? බලන්නකෝ ඒවා ආහාරයට ගන්න එක සුදුසුද..? නැද්ද කියලා..

0
70
බිත්තර ආහාරයට එක්කරගන්න බොහෝ දෙනෙක් වග බලා ගන්නේ එහි ඇති පෝෂණ ගුණය නිසයි.
Here's What Really Happens When You Overcook An Egg - YouTube

ඒත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ ලබා ගන්නා ආහර විෂ කරගන්නවා කියලා නිකමටවත් ඔයා දැනගෙන හිටියාද..?

ගොඩක් අය නොදන්න ඇත්තම කතාව ගැන ඔබ දැනුවත්ද..? මේ කියන්න යන්නේ ඇත්තටම සෞඛ්‍යට වැදගත් වෙන කාරණයක්. තම්බපු බිත්තරේ කහ මදේ වටේ අලු,කොළ පාට වෙන්නේ ඇයි?

​බිත්තරයක් තම්බලා කටුව ගැලෙව්වට පස්සේ කහ මදේ වටේට අළු,කොළ පාට තට්ටුවක් තියෙනවා දැකලා තියෙනවා නේද? සමහරු හිතන්නේ මේක බිත්තරේ නරක් වෙලා හරි, වස වෙලා හරි කියලා. හැබැයි බය වෙන්න එපා, මේක පිටුපස තියෙන්නේ සරල විද්‍යාත්මක හේතුවක්.

මෙහෙම වෙන්නේ ඇයි කියලා දන්නවාද? මේකට ප්‍රධානම හේතුව තමයි බිත්තරය ඕනවට වඩා තැම්බීම (Overcooking). ​බිත්තර සුදු මදයේ සල්ෆර් (Sulfur) අඩංගු වෙනවා. ​බිත්තර කහ මදයේ යකඩ (Iron) අඩංගු වෙනවා. බිත්තරය ගොඩක් වෙලාවත්, අධික උෂ්ණත්වයකිනුත් තම්බනකොට, සුදු මදයේ තියෙන සල්ෆර් වායුව කහ මදයේ තියෙන යකඩ එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. ඒකෙන් හැදෙනවා ෆෙරස් සල්ෆයිඩ් (Ferrous Sulfide) කියන සංයෝගය. අන්න ඒ සංයෝගය නිසා තමයි කහ මදේ වටේට ඔය අළු-කොළ පාට තට්ටුව හැදෙන්නේ.

මේක කෑමට එකතු කරගන්න සුදුසුද..? ​ඇත්තටම නැහැ. මේක සම්පූර්ණයෙන්ම කන්න ආරක්ෂිතයි. ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නෑ. හැබැයි ඕනවට වඩා තැම්බුනහම බිත්තරේ රබර් වගේ වෙන්න සහ පොඩි සල්ෆර් (පිළුණු වගේ) ගඳක් එන්න පුළුවන්.

කහ මදේ ලස්සනට කහ පාටටම තම්බගන්නේ කොහොමද?
​බිත්තරේ වටේ අළු වෙන්නේ නැතුව, නියම ගාණට තම්බගන්න මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. බිත්තර ගිලෙන ප්‍රමාණයට වතුර දාලා මුලින්ම වතුර ටික හොඳට උතුරවගන්න. වතුර උතුරාගෙන එනකොට ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා, හැන්දක් ආධාරයෙන් බිත්තර ටික පරිස්සමෙන් වතුරට දාන්න.

​මදය බාගෙට තැම්බුනු (Soft-boiled) බිත්තරවලට මිනිත්තු 6-7, ​මදය හොඳින් තැම්බුනු (Hard-boiled) බිත්තරවලට මිනිත්තු 9-10 ​අයිස් වතුරට දාන්න. වෙලාව ඉවර වුණ ගමන්ම බිත්තර ටික ලිපෙන් බාලා, ඩිරෙක්ට්ම අයිස් වතුර කෝප්පයකට හරි සීතල වතුරට හරි දාන්න. ඒකෙන් බිත්තරේ ඇතුලේ තියෙන රස්නය එකපාරටම නැති වෙලා, අර රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එක නතර වෙනවා

Why Does the Yolk of an Overcooked Hard-Boiled Egg Turn Green?

Previous articleඅක්මාව නතර වෙන්න කලින් සිරුර පෙන්වන මේ ලක්ෂණ 8 ඔබ දන්නවාද? පමාවෙන්න එපා, අනිවාර්යයෙන්ම බලන්න
Next article“අම්මා නැතිවෙලා තාම මාස තුනයිලු. අම්මා ගියාට පස්සේ තනි වුණු තාත්තව බලාගන්න, මුළු පවුලේම බර කරට ගත්තු දරුවෙක්…” නොසිතූ මොහොතක මරු තුරුලට ගිය ඔහු ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights