Home සුව අරණ කෝමාරිකා පිරිමින්ට මෙතරම් වැදගත් ඇයි? – නොදන්නා ඔසුවක රහස මෙන්න..

කෝමාරිකා පිරිමින්ට මෙතරම් වැදගත් ඇයි? – නොදන්නා ඔසුවක රහස මෙන්න..

0
2179

පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දක්වන්න හැකියි.

 

විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි කතාබහට ලක් වෙනවා. පෙත්ත වැරදුණොත් ලොකු අමාරුවක වැටෙන්නටත් හේතු වන මේ කෘත්‍රිම බේත්වලට වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන ස්වභාවික උත්තේජකයක් ලෙස දැන් කෝමාරිකා ගැන නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.

කෝමාරිකා ජෙල් තුළ ඇති විවිධ පෝෂණ සංයෝගයන් මේ සඳහා ආධාර වන බවයි එයින් කියැවෙන්නේ. රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙසත් ලොව පුරා භාවිත වන කෝමාරිකා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහාත් නැතිවම බැරි ඖෂධයක්.

කෝමාරිකා තුළ අන්තර්ගත වන කාබනික ජර්මේනියම් සංයෝගය මගින් මිනිසාගේ රුධිර පීඩනය ස්වභාවිකවම නියාමනය කරන බවයි නව අධ්‍යයන මගින් තහවුරු කර ඇත්තේ.

මේ නිසා ව්‍යාග්‍රා පෙත්තේ ක්‍රියාකාරිත්වයම වඩාත් ආරක්ෂිතව කෝමාරිකා මගින් ලබා දෙන බවයි එයින් කියන්නේ. කාබනික ජර්මේනියම් සංයෝගය හතු, සුදුළුනු වැනි ආහාර තුළත් අඩංගු වනවා.

කෝමාරිකා තුළ අන්තර්ගත වන තවත් එක් සංයෝගයක් වන “isocitrate calcium salts” මගිනුත් ශරීරයේ අවයව කෙරිහි සිදුවන රුධිර සංසරණය නිසි ලෙස නියාමනය කරනු ලබනවා.

එසේම කෝමාරිකා මගින් ශරීරයේ “LDL” කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ “HDL” හෙවත් හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමද සිදු කරනවා. මේ නිසා රුධීර සංසරණය කාර්යක්ෂම වෙනවා. අප්‍රාණීකත්වයට ප්‍රධාන හේතුව නිසි රුධිර සැපයුමක් නොලැබීමයි. මේ හේතුව නැති කරන නිසා කෝමාරිකා හොඳ වාජීකරණයක් ලෙස ක්‍රියා කරන බවයි අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ.

කිරීටක ධමනිවල රෝග ඇති පුද්ගලයන්ගේ හදවතේ ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොමැතිවීම නිසා ඇති වන වම් පස පපුවේ සහ බාහුවේ වේදනාව නැත්නම් “Angina” රෝගී තත්ත්වයට කෝමාරිකා තුළ අධික ලෙස අඩංගු වන ෆෝලික් අම්ලය, මැග්නීසියම් සහ විටමින් E නිසා සහනයක් සපයා ගන්නටත් පුළුවන්.

කෝමාරිකා මගින් හදවත් රෝග නිවාරණය කිරීම, රුධිර සැපයුම වර්ධනය කිරීම සහ සමස්ත රුධිර සංසරණ පද්ධතියම සුවදායකව පවත්වා ගැනීම නිසා කෝමාරිකා ලිංගාශ්‍රිත රුධිර සංසරණයත් මනාව පාලනයට සමත්කම් දක්වනවා.

මේ නිසයි පිරිමි පුද්ගලයන් හට කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් තම පුරැෂ ශක්තිය වර්ධනය කර ගත හැකි බවට කරුණු ඉදිරිපත්ව ඇත්තේ. නමුත් හිතුමතේ කෝමාරිකා එකදිගට ගිල දැමීම පිලියමක් වන්නේ නෑ.

මීට අමතරව යෝනියේ ලිහිස්සි ශ්‍රාවයන් නිසි ලෙස නිෂ්පාදනය නොවන කාන්තාවන් සඳහා ස්වභාවික ලිහිස්සි ද්‍රාවණයක් ලෙසත් කෝමාරිකා භාවිත කරන්නටත් හැකියි. මේ සියල්ල වෛද්‍ය උපදේශ මත කළ යුතුයි.

Previous articleගර්භනී කාලයේ ලිංගික එක් වුණොත් මොකද වෙන්නේ? මෙන්න ඇත්ත කතාව.
Next articleනිවාස හදන්න, විවාහ වෙන්න බලාගෙන ඉන්න අයට මෙන්න සුබ ආරංචියක්.. 2026 වසරේ ඔබේ සියලු සුබ කටයුතුවලට අදාළ වේලාවන් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights