Home දේශිය පුවත් අවුරුදු නිවාඩුව ඉවරයි.. ලබන 19න් පස්සේ ආයෙත් ටැප් එක වැහෙයිද? ජල මණ්ඩලයෙන්...

අවුරුදු නිවාඩුව ඉවරයි.. ලබන 19න් පස්සේ ආයෙත් ටැප් එක වැහෙයිද? ජල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්!

0
418

අවුරුදු නිවාඩුවට නෑගම් ගිහින්, කැවුම් කිරිබත් කාලා සතුටින් හිටපු ජනතාවට දැන් ආයෙත් හිසරදයක් වෙන්න යන ප්‍රශ්නයක් ගැන අලුත්ම තොරතුරක් වාර්තා වෙනවා.

ඒ තමයි ඉදිරි දිනවලදී ක්‍රියාත්මක වෙන්න නියමිත ජල කප්පාදුව ගැන.

පසුගිය අප්‍රේල් 02 වැනිදා ඉඳන් දැඩි වියළි කාලගුණය නිසා කොළඹ, හෝමාගම, පාදුක්ක වගේ පැති කිහිපයකටම ජලය කප්පාදු කරන්න ජල සම්පාදන මණ්ඩලය පියවර ගත්තා. හැබැයි උත්සව සමයේ ජනතාවට අපහසුවක් නොවෙන්න අප්‍රේල් 11 වැනිදා ඉඳන් මේ කප්පාදුව තාවකාලිකව නතර කළේ හැමෝටම සතුටින් අවුරුදු සමරන්න ඉඩ හදලා දෙමින්.

දැන් අවුරුදු නිවාඩුව අවසන් වෙලා බොහෝ දෙනෙක් කොළඹට එන්න සූදානම් වෙනවා. ඉතින් ආයෙත් මේ ජල කප්පාදුව පටන් ගනීවිද කියලා හැමෝම ඉන්නේ දෙගිඩියාවෙන්.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් හිරු ප්‍රවෘත්ති අංශයට පවසා තිබුණේ, උත්සව සමයෙන් පසු ජල ඉල්ලුම සහ පවතින තත්ත්වය සමාලෝචනය කරලා ලබන 19 වැනිදායින් පස්සේ මේ ගැන අවසන් තීරණයක් ගන්නා බවයි.

තවමත් ජල කප්පාදුව ගැන ස්ථිර තීරණයක් ගෙන නැති වුණත්, ජල මට්ටම සීමිත නිසා ඉතා අරපිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන එක තමයි නුවණට හුරු වෙන්නේ.

 

Previous articleවාට්ටුව මැදදී දොස්තර නෝනා කෑගසයි! දෙවැනි පාරත් ඒ වැඩේම කරලා… නාගොඩ රෝහලෙන් ඇසෙන පුවතක්
Next articleඅවුරුදු නිවාඩුවෙන් පස්සේ පුංචි පොඩ්ඩන්ගේ සුදු ඇඳුම් හැමදාටම සුදු පාටටම තියාගන්ජ පුළුවන් විදිහක් දන්නවද ?
error: Content is protected !!
Verified by MonsterInsights