Home ජීවිතයට යමක් මිනිස්සු කිසිම බයක් නැතුව උඩු බැලි අතට නිදාගන්නත් කිසිම සතෙක් උඩුබැලි අතට...

මිනිස්සු කිසිම බයක් නැතුව උඩු බැලි අතට නිදාගන්නත් කිසිම සතෙක් උඩුබැලි අතට නිදා නොගන්නේ ඇයි දන්නවද ?

0
865

ඔයා දන්නවාද මිනිස්සු කොහේ ගියත් කිසිම බයක් නැතුව උඩුබැලි අතට නිදාගන්නේ ඇයි කියලා? එතකොට පිටසක්වල ජීවීන් ගැන මේ තරම් වද වෙන්නේ , ඇත්තටම විශ්වය ගැන තියෙන කුතුහලයටද, නැත්නම් අපේ මේ සුවපහසු නින්දට කොහෙන් හරි බාධාවක් වෙයි කියන බයටද?

විද්‍යාත්මකව බැලුවොත්, ඕනෑම සතෙක්ගේ බඩ ප්‍රදේශය සහ උගුර කියන්නේ, එයාගේ ශරීරයේ තියෙන සංවේදීම සහ අනතුරකට ලක්වෙන්න පුළුවන් ලේසිම තැන්. අපි අනිත් සත්තුන්ට වඩා ආහාර දාමයේ ඉහළට ආවේ, අපේ ශරීරයේ හයිය නිසා නෙවෙයි. ගෙවල් හදන්න, ආයුධ පාවිච්චි කරන්න අපේ මොළේට තියෙන සුපිරි හැකියාව නිසයි.

ඒ හදාගත්තු ආරක්ෂිත වටපිටාව නිසා, බය නැතුව අපේ දුර්වලම තැන් නිරාවරණය කරගෙන නිදාගන්න අපේ මොළය පුරුදු වෙලා තියෙනවා. හැබැයි කැලේ ඉන්න මුවෙක් , හාවෙක් කවදාවත් කකුල් හතර දිග ඇරගෙන උඩුබැලි අතට නිදාගන්නේ නෑ. ඌ නිදාගන්නේ ගුලිවෙලා, තමන්ගේ බඩවැල් ටික ආරක්ෂා කරගෙන, ඕනෙම වෙලාවක පැනලා දුවන්න ලෑස්ති වෙලා.

හැබැයි අපි ගේ ඇතුළේ දොරවල් ලොක් කරගෙන ඉන්න නිසා අපිට ඒ බය නෑ. අපි නිදාගන්නේ හරියට මුළු ලෝකෙම අපිට අයිතියි වගේ. හැබැයි තරු අතරින් පෘථිවියට එන්න තරම් තාක්ෂණයෙන් දියුණු පිටසක්වල ජීවියෙක් ආවොත්, අපි තවදුරටත් ආහාර දාමයේ උඩම ඉන්න සතා වෙන්නේ නෑ. හරියට කැලේ ඉන්න මුවාට සිංහයෙක් හම්බුණා වගේ, අපිටත් අපේ ‘රජකම’ අහිමි වෙනවා.

ඇත්තටම අපි අභ්‍යවකාශය දිහා බලලා පිටසක්වලයන්ව හොයන්නේ ආදරේකට නෙවෙයි, මේ විශ්වය ඇතුළේ අපි නිකන්ම නිකන් ගොදුරක් වෙයිද කියන සහජ බයටයි. අපේ ඊගෝ එකට ඒක දරාගන්න බෑ.

කුඹි වගේ පොඩි සත්තු මිනිස්සු තරම් ලොකු වෙන්නේ නැත්තේ ඇයි ?

ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවාද මනුස්සයෙක්ගේ සයිස් එකේ කූඹියෙක් හිටියොත් ඌට මොකද වෙන්නේ කියලා? නැත්නම් ඇයි මේ ලෝකේ කවදාවත් ‘ගොඩ්සිලා’ වගේ සත්තු ඉන්න බැරි කියලා දන්නවාද? භෞතික විද්‍යාවේ නීති, එක එක සයිස් වලට වැඩ කරන්නේ එක එක විදිහට. මේකට අපි කියනවා වර්ග-ඝනකම නියමය (Square-Cube Law) කියලා.

යම්කිසි සතෙක්ගේ හෝ දෙයක ප්‍රමාණය අපි දෙගුණයක් කළොත්, උගේ මතුපිට වර්ගඵලය (Surface Area – කකුල් වල හරස්කඩ වගේ දේවල්) හතර ගුණයකින් වැඩි වෙනවා. හැබැයි, උගේ පරිමාව (Volume – ඒ කියන්නේ මුළු බර) අට ගුණයකින් වැඩි වෙනවා! ඒ කියන්නේ සතෙක් ලොකු වෙද්දි, ඌට දරාගන්න තියෙන බර උගේ කකුල් වල හයියට වඩා ගොඩක් වේගයෙන් වැඩි වෙනවා.

හිතන්න කූඹියෙක්ව ඔයාගේ සයිස් එකට ලොකු කරනවා කියලා. උගේ බර දහස් ගාණකින් වැඩි වෙනවා. හැබැයි උගේ සිහින් කකුල් ඒ බර දරාගන්න තරම් මහත් වෙන්නේ නෑ. ප්‍රතිඵලය? ඌ අඩියක් තියන්නත් කලින් උගේම ලොකු බරට උගේ කකුල් ටික කුඩුපට්ටම් වෙලා යනවා. අලියෙකුට මහත කණු වගේ කකුල් තියෙන්නෙත්, කූඹියෙකුට සිහින් කකුල් තියෙන්නෙත් අන්න ඒ විද්‍යාත්මක නියමය නිසයි.

පරිමාණයේ මායාව (The Illusion of Scale)

අපි අපිට වඩා ලොකු දේවල් එක්ක සංසන්දනය කරද්දි අපිව කුඩා වෙනවා. හැබැයි අපි අණු (molecules) සහ පරමාණු (atoms) එක්ක බැලුවොත් අපි තමයි මේ විශ්වයේ ඉන්න දැවැන්තයෝ.

විද්‍යාත්මකව බැලුවොත්, දුර සහ කාලය කියන්නේ එකිනෙකට තදින්ම බැඳිලා තියෙන දේවල්. පරමාණුවක් ඇතුළේ තියෙන දුරවල් අතිශයින්ම කුඩායි. ඒ නිසා එතන තියෙන රසායනික හා භෞතික බලවේග වලට එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්න යන කාලය ඇසිපිය ගහනවාටත් වඩා බිලියන ගාණකින් අඩුයි. ඒ මට්ටමේදී ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ අතිවිශාල වේගයකින්.

මේක හරිම සරලව මෙහෙම හිතන්න. අලියෙක්ගේ හදවත විනාඩියකට ගැහෙන්නේ වාර 30ක් විතර. හැබැයි පුංචි මීයෙක්ගේ හදවත විනාඩියකට වාර 500කට වඩා ගැහෙනවා. සතා පොඩි වෙන්න පොඩි වෙන්න, එයාගේ ඇඟේ ක්‍රියාවලි වේගවත් වෙනවා. දැන් හිතන්න පරමාණුවක් සයිස් ජීවියෙක් හිටියොත්? උගේ ‘හදවත’ තත්පරේකට කෝටි වාරයක් ගැහෙයි! ඉතින් ඌට අපිව පේන්නේ හරියට කිසිම චලනයක් නැති, ගල් වෙච්ච පිළිම වගේ. අපිට තත්පරයක් කියන්නේ උන්ට පරම්පරා ගාණක ජීවිත කාලයක් වෙන්න පුළුවන්.

අපි වෙනත් ජීවියෙක්ගේ ඇඟ ඇතුළේද?

අපි වෙනත් දැවැන්ත ජීවියෙකුගේ බඩවැල් වල ඉන්න ක්ෂුද්‍ර ජීවී පද්ධතියක කොටසක්ද කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බෑ, මොකද අපිට අපේ සීමාවෙන් එළියට ගිහින් ඒක පරීක්ෂා කරලා බලන්න තාක්ෂණයක් නෑ.

හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණය මේකයි. ඒ දේ ඇත්ත වුණත් නැතත්, ඒකෙන් ඔයාගේ ජීවිතේ අරමුණයි, වටිනාකමයි බිංදුවට වැටෙන්නේ නෑ. අපි මේ අනන්ත විශ්වයේ පොඩි තිතක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අනන්ත වූ විශ්වය ගැන හිතන්න, ඒකේ නීති තේරුම් ගන්න පුළුවන් මොළයක් අපිට තියෙනවා කියන එකම කොච්චර පවර්ෆුල්ද?

Previous articleඇත්තම පිරිමියෙක් එක්ක ජිවත් වෙන්න ඔයත් සුදානම්ද..එහෙනම් ඊට කලින් මේ කියන දේවල් 08 දරාගන්නම වෙනවා..
Next articleආදරේ නාමයෙන් ඔයා “ඔයාවම” නැති කරගන්න එපා! ගැහැණියක් විදිහට, පිරිමියෙක් ඉස්සරහ කවදාවත් මේ සීමා පන්නන්න එපා!
error: Content is protected !!
Verified by MonsterInsights