දිනූෂා රාජපක්ෂ කලක් අපේ ක්ෂේත්‍රයේ සිටි දක්ෂ ජනප්‍රිය කලාකාරිණියක්..
දැන් ඇගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ ඇගේ ආදරණීය පවුල..
තවමත් සුරූපීබවින් නම් අඩුවක් නැති ඇය පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා..
දිනූෂා ඇගේ පුංචි පවුලත් එක්ක ඒ ආදරණීය දවස හැමදාම මතකයේ රඳවාගන්න මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
ඒත් එක්කම මීට දින කිහිපයකට කලින් ඇය මුහුණුපොතට එක්කළ විශේෂ සටහනක් තමයි මේ..
“අද මගේ උපන්දිනය…
මගේ ඡිවිතේ වටිනාම තෑග්ග දැනටමත් මට ලැබිලා,,
ඇත්තටම, ඡිවිතයෙ සුන්දරත්වය විදින්නෙ,ලැබෙන්නෙ,හැගෙන්නෙ අපි ආදරය කරන මිනිස්සු ලග ඉදලා විතරයි.
මං හිතුවා මගේ උපන්දිනේට ගොඩක් වටින දෙයක් celebrate කරන්න.මගේ ඡිවිතයට ආදරය, සතුට සෑම දිනකම මගේ හදවත පුරවන ඔයලා දෙන්නා එක්ක මගේ උපන්දිනය මතක් වෙන විදිහට ලස්සන photo shoot එකක් කරන්න..




















