Home දේශිය පුවත් රන්ජන්ගේ චිත්‍රපට කන්ඩායමේ කෑම බිල ගෙවූ ඤාණවිමල හිමි ගැන ඇසෙන අපූරු කතාව...

රන්ජන්ගේ චිත්‍රපට කන්ඩායමේ කෑම බිල ගෙවූ ඤාණවිමල හිමි ගැන ඇසෙන අපූරු කතාව මෙන්න

0
78

රන්ජන්ගේ චිත්‍රපට කණ්ඩායමේ මුළු කෑම බිලම, ස්වාමීන් වහන්සේ නමක් විසින් ගෙවලා..
මේ කතාව අපේ ඇස ගැටුණෙ, රන්ජන් රාමනායක නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණු සටහනකින්.
සටහනට අනුව, මේ විදියට බිල ගෙවලා තියෙන්නෙ රුවන්වැලි මහාසෑය මහා විහාර මහ පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කුඩාගාලවැවේ ඤාණවිමල හිමි විසින්.

ඒ අපූරු කතාව, මුහුණු පොතේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි…

”රන්ජන්ගේ කණ්ඩායමේ මුලු කෑම බිලම හාමුදුරුවෝ ගෙවලා..
මේකයි කතාව ඊයේ උදේ රන්ජන් ඇතුළු චිත්‍රපට කණ්ඩායම මාතලේ අපේ බොජුන් ආපන ශාලාවේ කෑමට ගියා.
එහා මේසේ රුවන්වැලි මහා සෑය මහා විහාර මහ පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කුඩාගාලවැවේ ඤාණවිමල හිමි,
සාමනේර වහන්සේලා සමඟ දානේ වළඳමින් සිටියා.
රන්ජන් උන්වහන්සේව දැක්කෙත් එදාමයි.
රන්ජන්ගේ බිල ගෙවන්න යද්දී මුලු බිලම උන්වහන්සේ ගෙවලා..
ඔබ වහන්සේට පිං”

ඡායාරූප සහ උපුටාගැනීම : Ranjan Ramanayake ෆේස්බුක් පිටුවෙන්

channel e

Previous articleයුරෝපයේ උසම කඳු මුදුන තරණය කල දෙක වසරේ පුංචි කොලු ගැටයෙක් ගැන ඇසෙන අරුම පුදුම කතාවක් මෙන්න
Next articleදැන් ඇයට කොහොමද? ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ ගැන ඇහෙන අලුත්ම ආරංචිය…
error: Content is protected !!
Verified by MonsterInsights