Home දේශිය පුවත් භාතිය ගැන සුබ ආරංචියක්… රුධිර වාර්තා හොඳයි. භාතිය ඇතුගේ නවතම තත්ත්වය

භාතිය ගැන සුබ ආරංචියක්… රුධිර වාර්තා හොඳයි. භාතිය ඇතුගේ නවතම තත්ත්වය

0
87

භාතියගේ රුධිර වාර්තා හොදයි, පෝශණය මදිබවක් පමණක් පෙන්වයි

පසුගිය දින පරීක්ෂණ කටයුතු සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගිය රුධිර පරීක්ෂණ වාර්තා හොද මට්ටමක් පවතින අතර එහි නරක තත්වයන් නිරීක්ෂණය වී නොමැත. ඇත් රජුගේ ශරීරයේ පෝශණ තත්වය මදි බවක් එයින් නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව පරීක්ෂණ වාර්තා සමගින් අද දින භාතිය ඇතුගේ ප්‍රතිකාර කටයුතු උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක් දංගොල්ල මහතා සහභාගි වී සිටින අතර එතුමා සමගින් ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ පශු වෛද්‍ය තරිදු මහතා සහ සුපුරුදු පරිදි වෛද්‍ය ඉසුරු මහතා සහභාවී වී ඇත් රජුගේ ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යනු ඇත.

භාතිය ඇතු ඉස්සීම උදෙහා වාහනයක් ද මේවනවිට එම ස්ථානයට ලගාවී ඇති අතර, ඇතු දින කිහිපයකට පසුව අද දින ඉතාමත්ම සුවබර නින්දක මේ වනවිට පසු වනු ඇත. ඇතුගේ ජීවිත අවධානමක් නැතැයි පැවසිය නොහැකි නමුත් කෙසේහෝ ඇත් රජුගේ සුවයම අප ප්‍රාර්ථනා කරමු.

ගරු පරිසර අමාත්‍යතුමාගෙ මැදිහත්වීම මත ඇතුගේ ප්‍රතිකාර කටයුතු වඩාත් ක්‍රමවත්ව සහ නිවැරැදි කෝණයකින් යුතුව සිදුවනු අතර ඒ උදෙසා එතුමාට Dammika Patabendi මහතා වෙත අපගේ විශේශ ගෞරවනීය ස්තූතිය පුද කරමු.නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාටත්, මහාචාර්ය අශෝක් දංගොල්ල මහතාටත් , වනජීවි සෞඛ්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා ඇතුලු වෛද්‍ය ඉසුරු, වෛද්‍ය තරිදු ඇතුලු සියලූමදෙනාටත් ජයසුන්දර මහතා ඇතුලු මහව වනජීවි නිලධාරීන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.

ස්තූතියි 💝
දළදා සමිදු පිහිටයි 🙏

copied

Previous articleරටක්ම ප්‍රාර්ථනා කරන ඇත් රජිඳු ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න
Next articleමේ ජීවිතේ කරපු හැම කැප කිරීමක්ම සාධාරණයි කියලා හැඟෙන්නෙ, මේ පුංචි මැණික් කැටෙන් ඔයාලගේ ආදරය මේ විදිහට ලැබෙනකොට” හැඟිම්බර වූ යුරේනි කී ආදරණීය කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights