Home Uncategorized කහ ගැහැනු දත් සුදු කරගන්න මෙන්න ක්‍රමේ – අඟුරු ගැන ඔබ නොදන්නා...

කහ ගැහැනු දත් සුදු කරගන්න මෙන්න ක්‍රමේ – අඟුරු ගැන ඔබ නොදන්නා ඉතා වටිනා කරුණු රැසක් මෙන්න

0
68

සබන් ෆේස් වොෂ් සිට දැන් දැන් කෑම වලදිත් ඇක්ටිව් කාබන් හමුවෙනවා. මොනාද මේ ඇක්ටිව් කාබන් කියන්නේ? ඇක්ටිව් කාබන් ලෙස බොහෝ දෙනා දනිතත් මෙය හැදින්වීමට වඩාත් සුදුසු යැයි මා සිතන්නේ සක්‍රීයක අඟුරු (activated charcoal) ලෙසයි. අඟුරු යනු කාබන් වල ස්වරුපයක් වන අතර පොල්කටු, දැව වැනි කාබන් අධික ද්‍රව්‍ය අර්ධ දහනයෙන් ඉතිරිවන අස්ඵටිකරූපි ‘‘කාබන්‘‘ සහිත සවිවර කළු පැහැ ශේෂයන් වේ. අඟුරු භෞතික හා රසායනික ක්‍රියාවලියකට භාජනය කිරිමෙන් සක්‍රීය කල අඟුරු (activated charcoal) සාදාගනි.

අඟුරු වල සැකැස්ම අනුව එහි මතුපිට ඉතා කුඩා විවර (pores) ඉතා විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මෙම සිදුරු මගින් මතුපිට පෘෂ්ඨ වර්ගඵලය අතිශයින් වැඩි කරයි. ආසන්න ලෙස ග්‍රෑම් එකක කාබන් අඟුරු මත වර්ගමීටර් දහස ඉක්මවූ ක්ෂේත්‍රඵලයක් ඇතැයි පැවසේ. මෙමගින් අධික ලෙස බාහිරට නිරාවරිත සක්‍රිය කලාපයක් ඇතිකරයි.

මෙසේ නිරාවරිත අධික පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මත අනෙකුත් අණු/සංයෝග වර්ග, අධිශෝෂණය (adsorption) යටතේ බැදී සිරකරගැනිමේ හැකියාවක් පවති. එනම් විවිධ අංශූන් හා සංකීර්ණ අණු වැන්ඩවාල් බල වැනි අන්තර් අණුක ආකර්ෂණ බල යටතේ අඟුරු වල පෘෂ්ඨයට බැදිම සිදුවේ.

පැරැන්නන් විසින් ළිං තුලට පිරිසිදු අඟුරු දමන බව ඔබ අසා ඇති. විද්‍යාත්මක දැනුමකින් තොරව උවද ඔවුන් එසේ අඟුරු ජලයට එක් කිරිම මගින් ළිදේ ජලය පිරිසුදු කරගැනිමට හැකියාව ලැබේ. මක් නිසාද යත්,ඉහත අධිශෝෂණ ක්‍රියාවලිය යටතේ බැදීමෙන්, ජලයෙහි යම් අපද්‍රව්‍ය හා රසායනිකයන් වෙතොත් ඒවා ඉවත්කර ජල පවිත්‍රකරණ ක්‍රියාවලියක් සිදුකරයි.එම නිසා වර්තමානයේ බොහෝ ජල පෙරණ වලද සක්‍රීය කාබන් අඩංගු වේ.

සක්‍රීයකල කාබන්, විසවීම් හා ඖෂධ අධිමාත්‍රයන්ගෙන් ශරිරගත වූ අවස්ථාවල ඒවා ඉවත්කිරිම සදහා ද යොදාගනි. වෛද්‍ය උපදෙස් මත සිදුකල යුතු ප්‍රතිකාරයක් වන අතර සාන්ද්‍ර අම්ල භෂ්ම හෝ සයනයිඩ සදහා ප්‍රතිපල රහිතය.

(විදේශයන් හී) ඇතැමෙක් ඇක්ටිව් කාබන්, මත්බව අඩුකරගැනිමට, ආහාර මාර්ගයේ වායු ඉවත්කිරිමට හා කොලෙස්ටරෝල් මට්ටම් පහත දමාගැනිමේ අරමුණින් භාවිතා කලද, මෙතෙක් ඒවා වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී නැත.

විටෙක ඔබ භාවිතා කරන දන්තාලේපයේ හා මුහුණු ආලේපන වල කාබන් අඩංගු යැයි සදහන් ව ඇති. සක්‍රීයකල අඟුරු භාවිතයෙන් දත් සුදු වන බවට කැපි පෙනන ප්‍රතිපල සහිතව මෙතෙක් සනාථ වී නොමැත. සමේ / මුහුණේ ආලේපන වල කතාවත් එයමයි. activated charcoal පිලිබදව දැනටත් බොහෝ පරික්ෂණ සිදුවෙනවා. ඉදිරියෙදි තව තව වැඩ බලාගන්න පුලුවන් වෙයි.

-Roshin Fernando-

Previous article25,000ක මාස පඩියෙන් කෝටිපතියෙන් වෙන හැටි දන්නවාද ? දියුණු වෙන්න කැමති ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු මේ ක්‍රම ටික අදම පටන් ගන්න
Next articleමේ ගස් ඔබේ ගෙවත්තේ හිටෙව්වොත් ඔබේ දියුණුව සක්කරයටවත් නවත්වන්න බැ… හේතුව මෙන්න !
error: Content is protected !!
Verified by MonsterInsights